එගොඩ කැළණි සෑ රජුන්ගේ හුණු පිරියම් කිරීම සඳහා ඉනිමගක් පූජා කිරීමේ අසිරිමත් පිංකම
බුදුරජාණන් වහන්සේ තෙවන වර ලක්දිව වැඩමකළ අවස්තාවේ රහතන් වහන්සේලා 500ක් සමගින් ජල ස්නානය කර දන් වලදා සමවත් සුවයෙන් වැඩ සිටි අසිරිමත් පුදබිමයි මෙම එගොඩ කැළනි (කිත්සිරි මෙවන්) පිංබිම . .බුදුරජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතූන් වහන්සේ (නානකඩය) ඇතුලු රහතන් වහන්සේලා 500යකගේ ජලසාටිකා ධාතූන් වහන්සේලාද.. බුදුරජාණන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා 500ය දන් වැළඳු පාත්‍ර ධාතුන් වහන්සේලා 501 ද , බුදුරජාණන් වහන්සේගේ අභිනීල කේශ ධාතුන් වහන්සේලා ද තැන්පත් වී ඇති බව සෙල්ලිපි මගින් සනාථ කර ඇත .ඉතින් මෙම අසිරිමත් සෑ රජුන්ගේ හුණු පිරියම් කිරීමේ සහ කොත් වහන්සේගේ රන් ආලේප කිරීමෙ පිංකම සඳහා අසිරිමත් ඉනිමං පූජාවක් සිදුකර ගැනීමට “සසුන් කෙත අස්වද්දමු “මිතුරු කැළට හැකි වූවා .සෑම වර්ෂයකම හුණු පිරියම් කිරීම සහ සෑ රජාණන් වහන්සේගේ පිලිසතර කිරීමේ කටයුතු සදහා මෙම පූජා කල ඉනිමග මහත් පිටුවහලක් වන බව නොවනුමානය. හිමිදිරි උදෑසන එගොඩ කැළණි ස්තුප මලුවේ සිට සිදුකල මෙම අසිරිමත් ඉනිමං පූජා පිංකමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා වැය වූ රු36000ක මුදල සම්බන්ද කර දුන්
හසංක
සුරංග
අමිල මෙන්ඩිස්
ශමිල
තිලිණ ඩිල්ශාන්
උජිත්
රොශාන් අමිල
එරංග
මලින්ද
අනුරාධ
කසුන්
නිරොශ්
සෙනිත්
අශෝක
සමන්ත
සශික
එරංග
ශවේන්ද්‍ර
නුවන්
නාලක
ඉසුරුනාත ඇතුලු සියලු පිරිසටද ,
එගොඩ කැළණි විහාරයේ විහාරාධීපති ස්වාමින් වහන්සේට ද , දිවා රාත්‍රී වෙහෙසෙමින් අපරිමිත ධෛර්යයෙන් යුතුව මේ සදහා කැප වූ උජිත් , නුවන් , අසේල ඇතුලු “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසට ද මෙන්ම, පින්කැමති සියල්ලන්ට ද මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතූවේවා!
“වාසනාවක් කළණ මිතුරු ඇසුර , සැමදා එක මවකගේ දරුවන් ලෙස මේ කළණ මිත්‍ර ඇසුර පවතීවා “
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු – 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.