” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැලට අසිරිමත් පින්කමක් සිදුකර ගැනීමට හැකි වූවා. බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රමය 2019/10/19 වන දින පවත්වන්නට යෙදුන කඨින පිංකමට සමගාමීව සිව්දිගින් හා සිව් අණුදිශාවෙන් වැඩමකර වැඩවදාරන ලද 30 කට ආසන්න ආරණ්‍යයවාසී මහා සඟරුවන වෙත පිණ්ඩපාතයේ වැඩමකරවීමේ මහා පින්කම උදෙසා වඩිනුලබන මහමඟ අප විසින් වියා නිර්මාණය කළා වූ ගොක් අතු අතුරා ඒ මතින් පාදතබා පියවර තබා වැඩමකරවන්නට සැළැස් වූයෙමු.
මෙහිදී පිණ්ඩපාතයේ වඩින සියළුම ස්වාමීන්වහන්සේලාගේ දෙපා නැමද
ඇල් පැනින් දෝවනය කලෙමු.
උණුපැනින් දෝවනය කලෙමු.
ඖෂධ පැනින් දෝවනය කලෙමු.
ප්‍රථමයෙන්ම “පංච වල්කල චූර්ණය” සඳහා නුග,දිඹුල්,රට ගොරකා,බෝ(කපුටු බෝ),පුලිල යන මේවායේ පොතු ගෙන විනාඩි විස්සකට වඩා තම්බා එම ඖෂධ තැම්බූ වතුරෙන් හොඳින් පා දෝවනය කලෙමු.
දෙවනුව කස්තුරි කහ,අරළු වැල්මී, සුදුහඳුන්, රත් හඳුන් තැම්බූ වතුරින් පෙර ලෙස ම හොඳින් පා දෝවනය කලෙමු.
අවසානයේදී තුන්වෙනි පියවර වශයෙන් “මහා නාරායන තෛලය” ආලේප කර හොඳින් පිරිමැද සම්බාහනය කළෙමු.ඉතාමත් ශ්‍රද්ධාවෙන් උපස්ථාන කළෙමු.දිනය පුරා රැස්කරගත් වූ අසිරිමත් පුණ්‍ය ධර්මයෝ අපරිමිතයි. මෙහිදී ලද නිරාමිස සුවය නම් වචනයෙන් කිව නොහැකි තරම්ය..
මෙම රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පළමුවෙන්ම මෙම පිංකමට අපව සම්බන්ධ කරගත් මෙම කඨින පිංකම සිදුකළ දිනුශික ප්‍රේමරත්න අක්කාට ඇතුළු සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද ,
එමෙන්ම මෙම ඖෂධ සහ මෙම බෙහෙත් ද්‍රව්‍ය සපයාදීම සම්බන්ධව මූලිකත්වය ගෙන කටයුතු කළ හර්ෂ බලදේව මිතුරාටද , මිලින්ද සෝමසිරි මිතුරාටද , නදී ගජනායක මිතුරියට ද ,
ප්‍රවාහන පහසුකම් සඳහා මූලිකත්වය දැරූ..
මහේශා අක්කාටද,
එවන් අයියාටද,
චානක මිතුරාටද,
කටාර් මිතුරු පිරිසටද,
සුරංග කුමාර
එමෙන්ම අපට අවවාද අනුශාසනා ලබාදුන් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ ඇතුළු යෝගාශ්‍රම සංස්ථාවේ සියලූම ස්වාමීන් වහන්සේලාට ද , ” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද , පින්කැමති සියල්ලන්ට ද මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු – 0715945477
Leave a Reply
Your email is safe with us.