හුදකලාවේ වැඩ වාසය කිරීම සඳහා මෙන්ම බවුන් වැඩීමට මනරම් උචිත වූ නිස්කලංක පරිසරයකින් හෙබි දුටුවන්ගේ නෙත් සිත් මන්මත් කරන මනස්කාන්ත ස්වභාව සෞන්දර්යයෙන් හෙබි පේරාදෙණිය සමීපයේ පිහිටි හිඳගල ආරණ්‍යය සේනාසනයේ කුටි සෙනසුන් සැකසීම සඳහා දහඩිය බිඳු වගුරා උත්තම ශ්‍රම පූජාවෙන් පසුගිය වර දායක වීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , කුටි සැකසීම පිණිස අවශ්‍ය වන ගල් , වැලි , සිමෙන්ති ආදිය කඳු පා මුල සිට සෙනසුනේ කුටි සැකසෙන ස්ථානය වෙත බුදුගුණ සිහිකරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ගෙනැවිත් අපමණ පින් රැස් කර ගැනීමට හැකි විය.මෙවර හිඳගල සෙනසුනේ කඨින පින්කම සිදුවන දින ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැල හට ..
- කුටි වෙත ගමන් කරන්නා වූ මාර්ගය සැකසීමට හැකි විය.
- වතුර ටැංකි පූජාවක් සිදු කිරීමට හැකි විය.
- සක්මන් මලුව නැවත සකසා වැලි ඇතිරීමට හැකි විය.
- ජල ගැටලුවට පිලියම් ලෙස බට ඇතිරිමට හැකි විය.
- ජලය ගලා යාම පිණිස කාණු පද්ධතියක් සැකසීමට හැකි විය.
- පින්කම් අවසානයේ අසිරිමත් ධර්ම සාකච්ඡාවක් සිදුකිරීමට අපට අවස්ථාව උදා විය.
එමෙන්ම ස්වාමීන් වහන්සේලා උදෙසා උපස්ථාන කිරීමෙන් ද , ධර්මය ශ්‍රවනය කිරීමෙන් ද , දිනය පුරාම රැස්කර ගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම අසිරිමත් පිංකම සඳහා අප හට සම්බන්ධවීමට උපකාර කළ පින්වත් පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේටද, අරියකාන්ත ස්වාමීන් වහන්සේටද , ප්‍රවාහන පහසුකම් දරමින් මේ සඳහා උපකාර කළ ..
- චින්තානී අක්කාටද ,
- බියන්කා තෙන්නකෝන් අක්කාටද ,
- කල්හාරී අක්කාටද ,
කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වයද ආහාර පාන ලබා දුන් ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැලටද ,” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.