සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහාය, ඉතින් පසුගිය දිනක ඉතා අසිරිමත් පින්කමක් ආර්ය මහා සංඝරත්නය මුල් කරගනිමින් සිදු කර ගැනීමට අපට අවස්ථාව උදා විය. අප සිදුකළ පින්කම් අතරින් අපට දැඩි වෙහෙසක් මෙන්ම ඉතා දුශ්කර අත්දැකීම් රාශියක් එක්කළ පින්කමක් බවට මෙය පත් වූයේ අදික වර්ශාවේ කූඩැල්ලන් සමූහයා හමුවේ ශ්‍රම පූජාව දැක්වීමට සිදු වීමයි .හුදකලාවේ වැඩ වාසය කිරීම සඳහා මෙන්ම බවුන් වැඩීමට මනරම් උචිත වූ නිස්කලංක පරිසරයකින් හෙබි දුටුවන්ගේ නෙත් සිත් මන්මත් කරන මනස්කාන්ත ස්වභාව සෞන්දර්යයෙන් හෙබි සිරිපා අඩවියේ පිහිටි අළුගල්ලෙන ආරණ්‍යය සේනාසනයේ කුටි සෙනසුන් සැකසීම සඳහා දහඩිය බිඳු වගුරා උත්තම ශ්‍රම පූජාවෙන් දායක වීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , කුටි සැකසීම පිණිස අවශ්‍ය වන ගල් , වැලි , සිමෙන්ති ආදිය කඳු පා මුල සිට සෙනසුනේ කුටි සැකසෙන ස්ථානය වෙත බුදුගුණ සිහිකරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ගෙනැවිත් අපමණ පින් රැස් කර ගැනීමට හැකි විය.පින්කම් අවසානයේ අසිරිමත් ධර්ම සාකච්ඡාවක් සිදුකිරීමට අපට අවස්ථාව උදා විය. එමෙන්ම ස්වාමීන් වහන්සේලා උදෙසා උපස්ථාන කිරීමෙන් ද , ධර්මය ශ්‍රවනය කිරීමෙන් ද ,අනේක විද පිරිකර පූජාවන් ස්වාමින් වහන්සේලාට පූජා කීරීමෙන්ද ,දිනය පුරාම රැස්කර ගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම අසිරිමත් පිංකම සඳහා අප හට සම්බන්ධවීමට උපකාර කළ පින්වත් ස්වාමීන් වහන්සේටද, ප්‍රවාහන පහසුකම් දරමින් මේ සඳහා උපකාර කළ ..
- දුශාන් මිතුරාටද ,
- හසන්ක මිතුරාටද ,
- අන්ජලී මිතුරියටද ,
- සුරංග උදය මිතුරාටද ,
- එමෙන්ම පිරිකර පූජාවෙන් සම්බන්ධ වූ හේමන්ති ඉන්දිකා අක්කාටද ,
කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වයද ආහාර පාන ලබා දුන් ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැලටද ,” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
“සෝච සබ්බදදේ හෝති යෝ දදාති උපසසයං” – “යමෙක් සංඝයා උදෙසා කුටි,සෙනසුන්, පූජා කරයිද ඔහු සියල්ල පිදුවා වෙයි.”
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.