සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහා ය. ඉතින් පසුගිය දිනක ඉතා අසිරිමත් පින්කමක් මිලින්ද සේපාල අයියාගේ මූල්‍ය දායකත්වයෙන් සහ මූලිකත්වයෙන් ආර්ය මහා සංඝරත්නය මුල් කරගනිමින් සිදු කර ගැනීමට අපට අවස්ථාව උදා විය. සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් රමණීය නකල්ස් වනයේ බඹර කිරි දිය ඇල්ල සමීපයේ පිහිටි වන සෙනසුනේදී කුටි සෙනසුනක් තනවා අතපැන් වක්කොට ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , මෙම කුටි සෙනසුන පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා අව් වැසි මැසි මදුරු උපද්‍රවයන් ගෙන් තොරව සුවසේ බවුන් වඩා නිවන් මග සම්පූර්ණ කිරීම පිණිසම යම් දිනක හේතූ වනවා නොවනු මානය. පින්වත් ස්වාමින් වහන්සේලා වැඩම කරමින් උන් වහන්සේලාට ධානය පූජා කරමින් , පිරිකර පූජා කරමින්, කුටියට අවශ්‍ය සියලු ගරු භාණ්ඩ පූජා කරමින් , පිරිත් සජ්ජායනා මධ්‍යයේ මනරම් කුටිය අප සැම එක් වී බුදුසසුනට පූජා කිරිම සිදුකළෙමු. මෙම කුටියේ අවසන් අදියර තෙක්ම සැකසීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සඳහා මුලිකත්වය ගනිමින් අපට ද මෙම පින්කම සිදුකර ගැනීමට අවස්ථාව උදා කර ලක්ෂ 6ක මුදලක් සම්බන්ධ කළ ඕස්ට්‍රේලියාවෙහි වාසය කරන පින්වත් මිලින්ද සේපාල අයියට ද ,ඔහුගේ දෙමව්පියන් ඇතුලු පවුලේ සැමටද
එමෙන්ම මෙම පිංකම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරමින් “සසුන් කෙත අස්වද්දමු ” පින්කම් අගයකරමින් සමරු ඵලකයක් අපහට ලබා දුන් රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන් වහන්සේට ද මෙම ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය ලක්ඛන ස්වාමීන් වහන්සේට ද ඇතුලු වන සෙනසුනේ සියලු ස්වාමින් වහන්සේලාටද
එමෙන්ම මෙම පින්කම සඳහා අපව දැනුවත් කර මෙම පින්කමට අපව සම්බන්ධ කර දුන් පින්වත් ලක්ශාන් බණ්ඩාර මල්ලීටද,,ගම් වාසීන් සියලු දෙනාටද ,වචනයෙන් පවා උපකාර කළ සියලු දෙනාට ද ,
කාය පූජාවෙන් මෙන්ම ගරු භාණ්ඩ සඳහා මුල්‍යමය දායකත්වය දැක් වූ ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැලට ද ,එදින ප්‍රවාහන කටයුතු සඳහා දායකත්වය දැරූ රුශාන් මිතුරාටද, සරසි මිතුරියට ද, විරන්ත මිතුරාටද ,සුරංග මිතුරාටද ,මහේශා මිතුරියටද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද මෙන්ම පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා! ඉතින් බොහෝ කාලයක් මහන්සි වූවා.. පින්වත් මිලින්ද අයියාගේ මූල්‍ය දායකත්වය මූලික කොට බොහෝ දෙනෙකු අධික කැපවීමෙන් අධික වීර්යකින් යුතුව සැකසූ කුටියේ අද ස්වාමින් වහන්සේලා නිවන් මග වඩනවා දැකීම මොනතරම් සතුටක්ද ….
“සෝච සබ්බදදේ හෝති යෝ දදාති උපසසයං” – “යමෙක් සංඝයා උදෙසා කුටි,සෙනසුන්, පූජා කරයිද ඔහු සියල්ල පිදුවා වෙයි.”
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.