“සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ”
එක් වන්න අප සමග…….
යුගයේ අසිරිමත් පින්කම් පෙළහරක සමාරම්භය සනිටුහන් කරමින් මහියංගන පුණ්‍ය භූමියේ දී මාර්තු මස 07 වන දින සිදු කිරීමට නියමිත “සම්බුදුවරුණ” බුදුගුණ දේශනය සඳහා ආශිර්වාදාත්මක පින්කමක්, රාමාඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී පින්වත් අත්තංගනේ රතනපාල නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රන්වැලි සෑ රජුන් අබියසදී පසුගිය දිනක සිදු කිරීමට අපට අවස්ථාව උදා විය.
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් මහ සෑ රජුන් උදෙසා මල්, පහන්, සුවද දුම්, අශ්ඨපාන, බෙහෙත් ද්‍රව්‍ය ආදී නේක විධ පූජාවන් සිදු කරමින් ද ඒ සියලු පුන්‍ය ධර්මයෝ දෙව් බඹ නා පිරිසට අනුමෝදන් කර ඉන් අනතුරුව පින්කම සඳහා දේවාරාධනයක් ද සිදු කිරීමට අපට අවස්ථාව උදා විය.
අතීතයේ දී මේ පුන්‍ය භූමියේ සාසන හිතැති, දෑහිතකාමී රාජාදී ,අමාත්‍යවරුන්ගේ නිබඳ අනුග්‍රහය මත මහා අරියවංශ දේශනාව , කාලකාරාම සූත්‍ර දේශනාව ආදී දේශනා සිදු කළ අතර විවිධ ආක්‍රමණයන් හා යුධමය වාතාවරණයන් හමුවේ ඒ මාහැඟි කාර්යයන් සමාජයෙන් වියැකී ගියහ.
ඒ ශ්‍රී විභූතිය නැවත සමාජ ගත කරනු වස් ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන මෙම “සම්බුදුවරුණ ” පින්කම් මාලාවේ මූලික අරමුණු වනුයේ,
1) අතීතයේ තුන්යම් රාත්‍රියක් පුරා පැවැත්වූ බුදුගුණ දේශනා කිරීමේ මා හැගි පුන්‍ය කටයුත්ත නැවත සමාජ ගත කිරීම.
2) සොළොස්මස්ථාන මුලික කරගෙන ඒ අවට වෙහෙර විහාරස්ථාන ප්රතිසංස්කරනය, ප්‍රත්‍ය පහසුකම් සැපයීම හා වැඩි දියුණු කිරීම.
3) ප්‍රවාහන පහසුකම් සහ මුලික අවශ්‍යතා සපුරාලමින් දුශ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සිත්තුළ බුද්ධාලම්භන ප්‍රීතිය සහ ශ්‍රද්ධාව ඇති කිරීම, ධර්ම මාර්ගයට යොමු කිරීම.
මෙම අසිරිමත් බුදු ගුණ දේශනාවට පෙරාතුව
1. ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුරුවක් ද කේශ ධාතූන් වහන්සේලා ද රාජකීය පෙරහැරකින් වැඩම වීම.
2. ආදිවාසීන් විසින් සිදු කරන මී පැණි පූජාව.
3. ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම.
4. සක් පූජාවන්ගෙන් සෑ රජුන් පිදීම.
5. රෝස මල් කංචුකය පැලද වීම.
6 සුමන සමන් දිව්‍ය රාජයා වන්දනා කරමින් සිටින පිළිරුව අසල පිහිටි නේක විසිතුරු මල් මණ්ඩපය මත භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳුවීම.
7. සුවඳ දුමින් සෑ රජුන් පිදීම.
ආදී කොට ගත් නේක විධ පූජාවන්ගෙන් අනතුරුව සවස 6 සිට පසුදා පහන් වනතුරු තුන් යම පුරා “සම්බුදුවරුණ” බුදුගුණ දේශනය පැවැත්වෙන අතර සවන් පුරා ශ්‍රවණය කොට අපමණ පින් රැස්කර ගැනීමට පිංවත් ඔබ සැමට සැදැහිසිතින් ආරාධනා……”සම්බුදුවරුණ” පිංකමට ආශිර්වාද පතා සිදු කළ මෙම අසිරිමත් රුවන්වැලි සෑ වන්දනා පින්කමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ සදහා දායකත්වය දැරූ කටාර් මිතුරු පිරිසටද පරාක්‍රම විජේමාන්න මිතුරාටද නදීක ඩිල්ශාන් මිතුරාටද දර්ශන මහේශ් මිතුරාටද බුද්ධික අසන්ක මිතුරාටද මෙන්ම මෙම පිංකම සිදුකළ රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී පින්වත් අත්තන්ගනේ රතනපාල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද, පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.