කාවන්තිස්ස රජ සමයේ කරවා සඟ සතුකොට පූජාකළා යැයි සැලකෙන චේතිය පබ්බත විහාරය මෙම කුඩුම්බිගල තපෝවන සෙනසුන ලෙස සැලකේ. පසු කාලීනව නන්දිමිත්ර සෙන්පති විසින් ද ප්‍රතිසංස්කරණය කරණු ලැබ ඇත. වර්ෂ 1954 දී මෛත්‍රී උපාසක මහතාගේ පැමිනීමෙන් නැවත සොයා ගැනීමෙන් ද , තාඹුගල ආනන්දසිරි හිමියන් විසින් ප්‍රතිසංස්කරණය කර ආරක්ෂා කිරීමෙන් ද අද දක්වාම ස්වාමීන් වහන්සේලාට සුවසේ බවුන් වැඩීමට මනා ආරන්ය සේනාසනයක් බවට පත්ව ඇත. රහතන් වහන්සේලා 12000 නොමද පාදස්පර්ශයෙන් පරම පූජණීය වූ ඓතිහාසික පින්බිමක් වන කුඩුම්බිගල, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ යාල, කුමන අභයභූමිවලට මායිම්ව සහ පොතුවිල්වල සිට 30Km පමණ දුරින් ඉතා නිස්කලංක ස්වභාවික රක්ෂිතයක් මැද රමණීය ගල්තලාවක් මත පිහිටා ඇති මෙම තපෝවන සෙනසුන ස්වාමීන්වහන්සේලා භාවනායෝගීව වැඩ වෙසෙන පූජා භූමියකි. ඒ පිළිබඳව කුඩුම්බිගල වැඩවිසූ තාඹුගල ආනන්දසිරි නායක හිමියන් ලියූ පොතක මෙලෙස සඳහන් කර ඇත
“මුලු පෙදෙසම රුදුරු වනගහනයකින් වැසී තිබෙතත් මෙහි සිට ක්ෂිතිජය දෙස නෙත් යොමන විට අත්වන වින්දනය කුඩුම්බිගල තපෝවනයෙන් දෙන නිවන් සුවයට පෙර නිමිත්තකැයි සිතමි. …..”
ඉතින් මෙවැනි අසිරිමත් පුදබිමක “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට මෙහි ඉපැරණි ගල්ලෙනක් වන යෝධ ලෙන නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ දුර්ලභ අවස්ථාව උදා වූවා. වැලි ගල් අදිමින් අපරිමිත කැප කිරීමෙන් දින දෙකක් පුරා අසිරිමත් පින්කම් රාශියක් සිදුකරන ලදී. මෙම අසිරිමත් කුටි සැකසීමේ පූජාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා අපව සම්බන්ධ කරගනිමින් ප්‍රවාහන පහසුකම් සඳහා දායකත්වය දැරූ පින්වත් කාශ්‍යප අයියාටද එමෙන්ම මෙම සෙනසුනේ සියලු ස්වාමීන් වහන්සේලාට ද , කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වය දැක් වූ ” සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද , මෙන්ම පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
“සෝච සබ්බදදේ හෝති යෝ දදාති උපසසයං” – “යමෙක් සංඝයා උදෙසා කුටි,සෙනසුන්, පූජා කරයිද ඔහු සියල්ල පිදුවා වෙයි.”
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.