යුගයේ අසිරිමත් පින්කම් පෙළහරක සමාරම්භය සනිටුහන් කරමින් මහියංගන පුණ්‍ය භූමියේ දී මාර්තු මස 07 වන දින සිදු කිරීමට නියමිත “සම්බුදුවරුණ” පින්කමට සමගාමීවා මහියන්ගනය අවට එම ප්‍රදේශයන්ට සමීප වෙහෙර විහාර ගොඩ නැගීමේ පුණ්‍ය කටයුත්ත සනිටුහන් කරමින් අලි, කොටි, වලසුන් පිරි වන ලැහැබෙන් වැසී තිබූ සෝණ පබ්බත ගිරි ලෙන වෙත යන මාර්ගය එලි පෙහෙලි කරමින් අපගේ අතින් මනාව සකසා දීමේ දුර්ලභ භාග්‍යය අපට උදා වූවා.කාවන්තිස්ස රජ සමයේ කරවා සඟ සතුකොට පූජාකළා යැයි සැලකෙන චේතිය පබ්බත විහාරය මෙම කුඩුම්බිගල තපෝවන සෙනසුන ලෙස සැලකේ. පසු කාලීනව නන්දිමිත්ර සෙන්පති විසින් ද ප්‍රතිසංස්කරණය කරණු ලැබ ඇත.1954 මෛත්‍රී උපාසක මහතාගේ පැමිනීමෙන් නැවත සොයා ගැනීමෙන් ද , තාඹුගල ආනන්දසිරි හිමියන් විසින් ප්‍රතිසංස්කරණය කර ආරක්ෂා කිරීමෙන් ද අද දක්වාම ස්වාමීන් වහන්සේලාට සුවසේ බවුන් වැඩීමට මනා ආරන්ය සේනාසනයක් බවට පත්ව ඇත. රහතන් වහන්සේලා 12000 නොමද පාදස්පර්ශයෙන් පරම පූජණීය වූ ඓතිහාසික පින්බිමක් වන කුඩුම්බිගල, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ යාල, කුමන අභයභූමිවලට මායිම්ව සහ පොතුවිල්වල සිට 30Km පමණ දුරින් ඉතා නිස්කලංක ස්වභාවික රක්ෂිතයක් මැද රමණීය ගල්තලාවක් මත පිහිටා ඇති මෙම තපෝවන සෙනසුන ස්වාමීන්වහන්සේලා භාවනායෝගීව වැඩ වෙසෙන පූජා භූමියකි. ඒ පිළිබඳව කුඩුම්බිගල වැඩවිසූ තාඹුගල ආනන්දසිරි නායක හිමියන් ලියූ පොතක මෙලෙස සඳහන් කර ඇත.
“මුලු පෙදෙසම රුදුරු වනගහනයකින් වැසී තිබෙතත් මෙහි සිට ක්ෂිතිජය දෙස නෙත් යොමන විට අත්වන වින්දනය කුඩුම්බිගල තපෝවනයෙන් දෙන නිවන් සුවයට පෙර නිමිත්තකැයි සිතමි. ………”
ඉතින් මෙවැනි අසිරිමත් පුදබිමක “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ” සම්බුදුවරුණ ” පින්කමට සමගාමීව මෙහි ඉපැරණි ගල්ලෙනක් වන සෝණ පබ්බත ගිරි ලෙන වෙත යන මාර්ගය එලි පෙහෙලි කරමින් අපගේ අතින් මනාව සකසා පූජා කිරීමට හැකි වීම මොනතරම් අසිරිමත් පිනක්ද …
අතීතයේ දී මේ පුන්‍ය භූමියේ සාසන හිතැති, දෑහිතකාමී රාජාදී ,අමාත්‍යවරුන්ගේ නිබඳ අනුග්‍රහය මත මහා අරියවංශ දේශනාව , කාලකාරාම සූත්‍ර දේශනාව ආදී දේශනා සිදු කළ අතර විවිධ ආක්‍රමණයන් හා යුධමය වාතාවරණයන් හමුවේ ඒ මාහැඟි කාර්යයන් සමාජයෙන් වියැකී ගියහ.
ඒ ශ්‍රී විභූතිය නැවත සමාජ ගත කරනු වස් ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන මෙම “සම්බුදුවරුණ ” පින්කම් මාලාවේ මූලික අරමුණු වනුයේ,
1) අතීතයේ තුන්යම් රාත්‍රියක් පුරා පැවැත්වූ බුදුගුණ දේශනා කිරීමේ මා හැගි පුන්‍ය කටයුත්ත නැවත සමාජ ගත කිරීම.
2) සොළොස්මස්ථාන මුලික කරගෙන ඒ අවට වෙහෙර විහාරස්ථාන ප්රතිසංස්කරනය, ප්‍රත්‍ය පහසුකම් සැපයීම හා වැඩි දියුණු කිරීම.
3) ප්‍රවාහන පහසුකම් සහ මුලික අවශ්‍යතා සපුරාලමින් දුශ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සිත්තුළ බුද්ධාලම්භන ප්‍රීතිය සහ ශ්‍රද්ධාව ඇති කිරීම, ධර්ම මාර්ගයට යොමු කිරීම.
මෙම අසිරිමත් බුදු ගුණ දේශනාවට පෙරාතුව
1. ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුරුවක් ද කේශ ධාතූන් වහන්සේලා ද රාජකීය පෙරහැරකින් වැඩම වීම.
2. ආදිවාසීන් විසින් සිදු කරන මී පැණි පූජාව.
3. ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම.
4. සක් පූජාවන්ගෙන් සෑ රජුන් පිදීම.
5. රෝස මල් කංචුකය පැලද වීම.
6 සුමන සමන් දිව්‍ය රාජයා වන්දනා කරමින් සිටින පිළිරුව අසල පිහිටි නේක විසිතුරු මල් මණ්ඩපය මත භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳුවීම.
7. සුවඳ දුමින් සෑ රජුන් පිදීම.
ආදී කොට ගත් නේක විධ පූජාවන්ගෙන් අනතුරුව සවස 6 සිට පසුදා පහන් වනතුරු තුන් යම පුරා “සම්බුදුවරුණ” බුදුගුණ දේශනය පැවැත්වෙන අතර සවන් පුරා ශ්‍රවණය කොට අපමණ පින් රැස්කර ගැනීමට පිංවත් ඔබ සැමට සැදැහිසිතින් ආරාධනා……”සම්බුදුවරුණ” පිංකමට සමගාමීව සිදු කළ මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා අපව සම්බන්ධ කරගනිමින් ප්‍රවාහන පහසුකම් සඳහා දායකත්වය දැරූ පින්වත් කාශ්‍යප අයියාටද එමෙන්ම මෙම කුඩුම්බිගල සෙනසුනේ සියලු ස්වාමීන් වහන්සේලාට ද , කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වය දැක් වූ ” සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටද ,” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද , මෙන්ම පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.