යුගයේ අසිරිමත් පින්කම් පෙළහරක සමාරම්භය සනිටුහන් කරමින්, මහියංගන පුණ්‍ය භූමියේ දී මාර්තු මස 07 වන දින පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමධුර ස්වරයෙන් නිම්නාද වන “සම්බුදුවරුණ” පින්කමට සමගාමීව ,මහියන්ගනය අවට එම ප්‍රදේශයන්ට සමීප වෙහෙර විහාර ගොඩ නැගීමේ පුණ්‍ය කටයුත්ත සනිටුහන් කරමින්, සමනලතැන්න ආරණ්‍ය සේනාසනය වෙත සක්මන් මලුවක් සකසා පූජා කිරීමේ දුර්ලභ භාග්‍යය අපට උදා විය.
වර්තමානයේ වතුරවිල ශාඛාවට අයත් මෙම සෙනසුන වෙත ප්‍රදාන අඩුපාඩුවක් වී තිබූ සක්මන් මලුවක් නොමැති බව, ස්වාමින් වහන්සේ අපට දැනුම් දුන් අතර, එම අඩුපාඩුව දුරලමින් පිළිවෙත් පුරන මහා සංඝරත්නය වෙනුවෙන් සක්මන් භාවනාව සිදුකිරීම සඳහා උපකාරී වන සක්මන් මලුවක් සකසා පූජා කිරීමට අපට හැකි විය. කැලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සඳහා මනාව සකස් කළ සක්මන් මලු භාවනා කටයුතු දියුණු කරගැනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ. අතීතයේ රහතන් වහන්සේලා බහුල වශයෙන් බවුන් වැඩීමේදී භාවිතා කරමින් අඛන්ඩ චිත්ත ඒකාග්‍රතාවක් පවත්වා ගැනීමට හේතු වූ මෙම සක්මන් භාවනාව අතීතයේ විතර්ක භාවනාව ලෙසද හදුන්වා ඇත. සිහිය පවත්වා ගනිමින් දහම් කාරනා නැවත නැවත ආවර්ජනය කිරීමටද මෙම සක්මන මනාව උපකාරී වේ. භාවනාව ප්‍රගුණ කර වැඩි හිටි ස්වාමින් වහන්සේලා උදෙසා දිගින් වැඩි මෙම මහාථේර සක්මන් මලුව වඩාත් උපකාරී වන අතර, භාවනාවට ආධුනික යෝගාවචරයන් වහන්සේලා බොහෝ වේලාවට භාවිතා කරනුයේ සාමාන්‍ය සක්මන් මලුවේ.
ඉතින් මෙවැනි අසිරිමත් පුදබිමක “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ” සම්බුදුවරුණ ” පින්කමට සමගාමීව මෙම සෙනසුන වෙත සක්මන් මළුවක් සකසා අතපැන් වත් කොට ආර්ය සංඝරත්නය වෙත පූජා කිරීමට හැකිවීම මොනතරම් අසිරිමත් පිනක්ද ..
අතීතයේ දී අපගේ ලක් දෙරණේ සාසන හිතැති, දෑහිතකාමී රාජාදී ,අමාත්‍යවරුන්ගේ නිබඳ අනුග්‍රහය මත මහා අරියවංශ දේශනාව , කාලකාරාම සූත්‍ර දේශනාව ආදී දේශනා සිදු කළ අතර විවිධ ආක්‍රමණයන් හා යුධමය වාතාවරණයන් හමුවේ ඒ මාහැඟි කාර්යයන් සමාජයෙන් වියැකී ගියහ.
ඒ ශ්‍රී විභූතිය නැවත සමාජ ගත කරනු වස් ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන මෙම “සම්බුදුවරුණ ” පින්කම් මාලාවේ මූලික අරමුණු වනුයේ,
- අතීතයේ තුන්යම් රාත්‍රියක් පුරා පැවැත්වූ බුදුගුණ දේශනා කිරීමේ මා හැගි පුන්‍ය කටයුත්ත නැවත සමාජ ගත කිරීම.
- සොළොස්මස්ථාන මුලික කරගෙන ඒ අවට වෙහෙර විහාරස්ථාන ප්රතිසංස්කරනය, ප්‍රත්‍ය පහසුකම් සැපයීම හා වැඩි දියුණු කිරීම.
- ප්‍රවාහන පහසුකම් සහ මුලික අවශ්‍යතා සපුරාලමින් දුශ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සිත්තුළ බුද්ධාලම්භන ප්‍රීතිය සහ ශ්‍රද්ධාව ඇති කිරීම, ධර්ම මාර්ගයට යොමු කිරීම.
මෙම අසිරිමත් බුදු ගුණ දේශනාවට පෙරාතුව
- ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුරුවක් ද කේශ ධාතූන් වහන්සේලා ද රාජකීය පෙරහැරකින් වැඩම වීම.
- ආදිවාසීන් විසින් සිදු කරන මී පැණි පූජාව.
- ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම.
- සක් පූජාවන්ගෙන් සෑ රජුන් පිදීම.
- රෝස මල් කංචුකය පැලද වීම.
- සුමන සමන් දිව්‍ය රාජයා වන්දනා කරමින් සිටින පිළිරුව අසල පිහිටි නේක විසිතුරු මල් මණ්ඩපය මත භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳුවීම.
- සුවඳ දුමින් සෑ රජුන් පිදීම.
ආදී කොට ගත් නේක විධ පූජාවන්ගෙන් අනතුරුව සවස 6 සිට පසුදා පහන් වනතුරු තුන් යම පුරා “සම්බුදුවරුණ” බුදුගුණ දේශනය පැවැත්වෙන අතර සවන් පුරා ශ්‍රවණය කොට අපමණ පින් රැස්කර ගැනීමට පිංවත් ඔබ සැමට සැදැහිසිතින් ආරාධනා……
“සම්බුදුවරුණ” පිංකමට සමගාමීව සිදු කළ මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා , කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වය දැක් වූ ” සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.