හෙට්ටිපොල සිරි ජිනරතන පිරිවෙනෙහි වැඩ වසන ගිලන් ස්වාමින් වහන්සේලා ඇතුලු සියලු ස්වාමින් වහන්සේලා වෙත චීවර සේදීම පිනිස උන් වහන්සේලාට උපස්තාන සිදු කිරීමේ අරමුණින් රෙදි සෝදන යන්ත්‍ර පුජාවක් සිදුකිරීමට අපට හැකි විය,
යුගයේ අසිරිමත් පින්කම් පෙළහරක සමාරම්භය සනිටුහන් කරමින්, මහියංගන පුණ්‍ය භූමියේ දී මාර්තු මස 07 වන දින පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමධුර ස්වරයෙන් නිම්නාද වන “සම්බුදුවරුණ” පින්කමට සමගාමීව ,මහියන්ගනය අවට එම ප්‍රදේශයන්ට සමීප වෙහෙර විහාර ගොඩ නැගීමේ පුණ්‍ය කටයුත්ත සිහිගන්වමින් රිදීමලියද්ද නාග දීප විහාරය වෙත බුදු කුටියක් පූජා කිරීමේ දුර්ලභ භාග්‍යය අපට උදා විය.
වියකීයන අපගේ ශ්‍රී විභූතිය නැවත සමාජ ගත කරනු වස් ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන මෙම “සම්බුදුවරුණ ” පින්කම් මාලාවේ මූලික අරමුණු වනුයේ
1) අතීතයේ තුන්යම් රාත්‍රියක් පුරා පැවැත්වූ බුදුගුණ දේශනා කිරීමේ මා හැගි පුන්‍ය කටයුත්ත නැවත සමාජ ගත කිරීම.
2) සොළොස්මස්ථාන මුලික කරගෙන ඒ අවට වෙහෙර විහාරස්ථාන ප්රතිසංස්කරනය, ප්‍රත්‍ය පහසුකම් සැපයීම හා වැඩි දියුණු කිරීම.
3) ප්‍රවාහන පහසුකම් සහ මුලික අවශ්‍යතා සපුරාලමින් දුශ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සිත්තුළ බුද්ධාලම්භන ප්‍රීතිය සහ ශ්‍රද්ධාව ඇති කිරීම, ධර්ම මාර්ගයට යොමු කිරීම.
මෙම අසිරිමත් බුදු ගුණ දේශනාවට පෙරාතුව
- ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුරුවක් ද කේශ ධාතූන් වහන්සේලා ද රාජකීය පෙරහැරකින් වැඩම වීම.
- ආදිවාසීන් විසින් සිදු කරන මී පැණි පූජාව.
- ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම.
- සක් පූජාවන්ගෙන් සෑ රජුන් පිදීම.
- රෝස මල් කංචුකය පැලද වීම.
6 සුමන සමන් දිව්‍ය රාජයා වන්දනා කරමින් සිටින පිළිරුව අසල පිහිටි නේක විසිතුරු මල් මණ්ඩපය මත භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳුවීම. - සුවඳ දුමින් සෑ රජුන් පිදීම.
8 සෑ රජුන් විදුලි බුබුලින් ආලෝකමත් කිරීම
9පැමිනෙන සියලු දෙනාට දන්සැල්
ආදී කොට ගත් නේක විධ පූජාවන්ගෙන් අනතුරුව සවස 6 සිට පසුදා පහන් වනතුරු තුන් යම පුරා “සම්බුදුවරුණ” බුදුගුණ දේශනය පැවැත්වෙන අතර සවන් පුරා ශ්‍රවණය කොට අපමණ පින් රැස්කර ගැනීමට පිංවත් ඔබ සැමට සැදැහිසිතින් ආරාධනා……
“සම්බුදුවරුණ” පිංකමට සමගාමීව සිදු කළ මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා දායකත්වය දැරූ පින්වත් එවන් අයියා ඈතුලු සියලු පිරිසටද ” සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.