මාර්තු 07 වන දින සිදුකළ අසිරිමත් “සම්බුදුවරුණ” පින්කම වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම සඳහා සැකසූ සුවිශේෂී සොළොස් පිරිකර පුජාවේ රන් ඉඳිකටු සහිත ගුලාව සැකසූ අයුරු ඔබත් දැක බලා අනුමෝදන් වෙත්වා! මෙම ගුලාව පිරිසිදු රිදී පවුම් 7 කින් සකසා රන් ආලේප කළ අතර මෙම රන් ඉඳිකටුව පිරිසිදු රනින්ම සකසා ඇත.
ඒකාන්තයෙන් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේටම මියුගුණ සෑ රජුන්ටම පූජා වේවා…!
මෙම අසිරිමත් පූජාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ , නදී අක්කා සහ නුවන් අයියා ඇතුළු දායකත්වය දැරූ සියලු පිරිසටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා..!
මුළු රටේම රෝග වසංගතයක් ඇති වී ඇති මොහොතක නිවසේ සිටින ඔබ සැම මෙම අසිරිමත් පින්කම දැක බලා ඉතා සතුටින් අනුමෝදන් වෙත්වා..!
මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතුවාසනා වී මේ රටේ රෝග බිය දුරුවී ව්‍යසනකාරී තත්වය ඉක්මනින් පහව යත්වා…!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.