2020-03-07 වන දින මහියංගන සෑ රදුන් අභියස ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැළ සංවිධානය කළ, බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් පැය 12 ක් පුරා අඛණ්ඩව සිදුකළ “සම්බුදුවරුණ” බුදුගුණ දේශනාවට පෙරාතුව, ඊට පෙර දින සීත ගඟුලෙන් ගෙනා විශේෂ පැන් , සඳුන් ගලගා ඉතාම සුවඳවත් ලෙස සැකසූ සුවිශේෂී සුවඳ පැනින් දෝවනය කළෙමු. එමෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගඳකිළිය පවිත්රකර මනා ලෙස සැකසීමට අපට හැකි විය.
මෙම අසිරිමත් මලුව දෝවනය කිරීමෙන් රැස් කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සංවිධානය කළ බොහෝ වෙහෙස මහන්සි වී සුවද සදුන් ගලගලා , සුවද පැන් සකසා මෙය සිදු කරනු ලැබූ බලංගොඩ වරුණ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලු පිරිසට ද ,
එමෙන්ම වතුර හා එම බවුසරය ලබාදීම සිදුකළ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත මහතා ඇතුළු උපකාර කළ සියළු පිරිසට ද ,
මෙහි නම් සඳහන් නොකළ නමුත් බොහෝසේ නන් අයුරින් උපකාර කළ සියලු ස්වාමින් වහන්සේලාටත් සියලු ගිහි පිරිසටත් ,
පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතුවේවා..
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.