2020-03-07 වන දින මහියංගන සෑ රදුන් අභියස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සංවිධානය කළ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ “සම්බුදුවරුණ” පින්කමේදී අපට මනරම්ව සකසා බුද්ධ පූජාවද සමගින් සෙසු පිරිකර ද මියුගුණ සෑ රදුන් උදෙසා ඉතාම ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට හැකි විය.
මෙහිදී
1.අෂ්ටපාන පූජාවන්.
2.චතුමධුර පූජා.
3.ගිලන්පස පූජාවන්
4.ඖෂධ පූජාවන්.
5.කිරිපිඩු පූජාවන්.
6.මී පැණි පූජාවන්
7. උදෑසන පැන් පහසුව සඳහා අවශ් ද්‍රව්‍ය පූජා කිරීම
මෙන් ම අනේකවිධ සෙසු පිරිකර ඉතාම ශ්‍රද්ධාවෙන් පූජා කළෙමු
දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වෙමින් බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරමින් කුසල් සිත් චිත්තසංථානයේ ජනිත කිරීමට උපනිශ වන අසිරිමත් පෙරහරකින් මෙම සියලු බුද්ධ පූජාවන් වැඩම කිරීම සිදුවිය,ආරම්භයේ සිට අවසානය දක්වාම පෙර රජ දවස රජවරුන් උපහාර දැක්වූවා සේ මනා කොට සංවිධානය කර බුදුරජාණන් වහන්සේ උදෙසා කාය පූජාවෙන් දායකවීමට සම්බන්ධ වීමට අප සියලුදෙනාටම හැකිවිය .මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කමේ,
අශ්ඨපාන , චතුමදුර,ගිලන්පස පූජාව සකස් කිරීම කිරීම සිදු කළ නදී,සයනා, නිරෝෂනී, සමන්ති, ලක්මි මනොරි ,කෞශල්‍ය ඇතුළු සියලු පිරිසටද අක්කා ඇතුලු පිරිසද
ඖෂධ පූජාව සකස් කිරීම කිරීම සිදු කළ gs ඉසුරුනාත ඇතුලු පිරිසද
කිරිපිඩු පූජාවන් සිදු කළ හිරුදිණී අක්කා ඇතුළු සියලු පිරිසටද
මී පැණි පූජාව සඳහා දායකත්වය දැරූ වන්නිල ඇත්තන් ට ද,එම ආදිවාසී පිරිසටද මෙන්ම මලින්ද අයියා මෙන්ම වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේට ද
විශේෂ පිරිකර සකස් කිරීම සදහා දායකත්වය දැක් වූ රසික ගුණවර්දන , අමිල ප්‍රියදර්ශන ,නුවන් තෙන්නකෝන් ,නදී අක්කා ,සමන්ත, දර්ශි, නිරෝශනී, රන්දික, තිලින, සයනා, හර්ශ,දුමින්දු ,ඇතුලු සසුන්කෙත සියලු පිරිසද
පරිශ්කාර සැකසීමට පහසුකම් සැලසීම – ඉනෝකා අක්කාටද
උදෑසන පැන් පහසුව සඳහා අවශ් ද්‍රව්‍ය පූජා කිරීම සිදුකල දර්ශන මිතුරාටද
මේ සියලු පූජාවන් බොහෝ දෙනෙකුට අනුමෝදන් වීම පිණිස බෞද්ධයා නාලිකාව ඔස්සේ විකාශනය සඳහා දායකත්වය දැරූ සන්ද්‍යා තෙන්නකෝන් මැතිනිය හා මංජුලා වික්‍රමරත්න මැතිණිය ඇතුළු සියලු පිරිසටද
මේ සියලු පූජාවන් සඳහා අවවාද අනුශාසනා කරමින් ඒ සඳහා අවසර ලබා දුන් මහියංගන විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහියංගණ විහාරයේ දායක සභාවේ සියලු පිරිසටද,
වචනයකින් පවා “සම්බුදුවරුණ” පින්කම සඳහා උපකාර කළ සියලු කල්‍යාණ මිත්‍රයන් ටද
“සම්බුදුවරුණ ” පින්කම සඳහා මුල්‍යමය දායකත්වය ලබා දුන් සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.