020-03-07 වන දින මහියංගන සෑ රදුන් අභියස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සංවිධානය කළ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ “සම්බුදුවරුණ” පින්කමේ තවත් ප්‍රදාන අංගයක් වූ අසිරිමත් රාජකීය පෙරහැර ට සම්බන්ද වීමේන්,දැකබලා අනුමෝදන් වීමෙන්, පින්කමට පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පින් ඵල නෙලාගැනීමේ දුර්ලභ අවස්තාව උදා විය .
මෙම පෙරහැරේ ප්‍රදානතම අංගයන් වූයේ
1.සුවද පැන් කද ගෙනයාම.
2.සම්බුදුවරුණ පුවරුව ගෙනයාම.
3.සක් පිඹීම.
4.හේවිසි පූජාව.
5.කොඩි පූජාව.
6.සුවද දුම් දෝලාව.
7.මුර ආයුධ රැගත් පිරිස.
8.චාමර සලන පිරිස.
9.භාග්‍යවතුන් වහන්සේ රන්සිවි ගෙයින් වැඩමවීම.
10.ග්‍රීවා ධාතූන් වහන්සේගේ අනුරුව වැඩමවීම.
11.සේසත් රැගත් පිරිස.
භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද රන් පාත්‍රා සහ දොලොස් පරිෂ්කාර වැඩමවීම.
12.සෙසු පිරිකර වැඩමවීම.
13.මල් පූජා.
14.පැන් පූජා.
15.කොඩි පූජා.
16 අශ්ඨපාන හා චතුමදුර පූජාව
17.ආදිවාසීන්ගේ මී පැණි පූජා.
18.ඖෂධ පූජා
දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වෙමින් බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරමින් කුසල් සිත් චිත්තසංථානයේ ජනිත කිරීමට උපනිශ වන මෙම අසිරිමත් පෙරහර පූජාව ආරම්භයේ සිට අවසානය දක්වාම පෙර රජ දවස රජවරුන් උපහාර දැක්වූවා සේ මනා කොට සංවිධානය කර බුදුරජාණන් වහන්සේ උදෙසා කාය පූජාවෙන් දායකවීමට සම්බන්ධ වීමට අප සියලුදෙනාටම හැකිවිය .මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කමේ
පෙරහැර අප්‍රමාන කැප වීමෙන් වෙහෙස මහසි වී සංවිදාන කල නිරෝශ් ,හර්ශ,ජනක ඇතුලු සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලේ පෙරහැර කමිටුවේ සියලු සාමාජිකයන්ටද .
පෙරහැර සදහා අනුශාසනා , උපදෙස් ලබා දීම සිදුකල
රුක්ශනී අක්කා ,අසංක අයියා, සුපුන් අයියාඇතුලු පිරිසටද
අවශ්‍ය වන පාවඩ, මුතුකුඩ ලබා දීම (බෞද්ධයා නාලිකාව හා සම්බන්ධ කර) – රුක්ශනී අක්කා/ ලලිතා මෑනියන්ටද
පාවඩ මුතුකුඩ ලබාදීම සිදුකල අමතරතන විහාරධිපති ස්වාමින්වහන්සේටද,කදුබොඩ සුමේද ස්වාමින් වහන්සේටද
ග්‍රීවා දාතූන් වහන්සේගේ අනුරුව සදහා කරඩුව ලබාදීම, පාවඩ ලබාදීම සිදුකල වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින්වහන්සේටද
ඖෂධ පූජාව සකස් කිරීම කිරීම සිදු කළ gs ඉසුරුනාත ඇතුලු පිරිසද
අශ්ඨපාන හා චතුමදුර පූජාව සකස් කිරීම කිරීම සිදු කළ නදී අක්කා ඇතුලු පිරිසද
විශේෂ පිරිකර සකස් කිරීම සදහා දායකත්වය දැක් වූ රසික ගුණවර්දන , අමිල ප්‍රියදර්ශන ,නුවන් තෙන්නකෝන් ,නදී අක්කා ,සමන්ත, දර්ශි, නිරෝශනී, රන්දික, තිලින, සයනා, හර්ශ,දුමින්දු ,ඇතුලු සසුන්කෙත සියලු පිරිසද
පරිශ්කාර සැකසීමට පහසුකම් සැලසීම – ඉනෝකා අක්කාටද
පිලිම වහන්සේ වැඩමවීම -මහින්දසිරි ස්වාමින්වහන්සේ , ජිනානන්ද ස්වාමින්වහන්සේද
කොඩි සකස්කිරීම – දසුන් නවරත්න මිතුරාටද
සාටක සකස් කිරීම – විජේ අමරතුංග අයියාටද
සම්බුදු දෝලාව ලබාදීම සිදුකල චරිත් අයියාටද ,
සුවද දුම් දෝලාව ලබාදීම- නිශාන්ත අතපත්තු අයියාටද.
අනිකුත් සියලු පූජාවන් සඳහා දායකත්වය දැරූ සියළු පිරිසටද,
මේ සියලු පූජාවන් බොහෝ දෙනෙකුට අනුමෝදන් වීම පිණිස බෞද්ධයා නාලිකාව ඔස්සේ විකාශනය සඳහා දායකත්වය දැරූ සන්ද්‍යා තෙන්නකෝන් මැතිනිය හා මංජුලා වික්‍රමරත්න මැතිණිය ඇතුළු සියලු පිරිසටද
මේ සියලු පූජාවන් සඳහා අවවාද අනුශාසනා කරමින් ඒ සඳහා අවසර ලබා දුන් මහියංගන විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහියංගණ විහාරයේ දායක සභාවේ සියලු පිරිසටද,
වචනයකින් පවා “සම්බුදුවරුණ” පින්කම සඳහා උපකාර කළ සියලු කල්‍යාණ මිත්‍රයන් ටද
“සම්බුදුවරුණ ” පින්කම සඳහා මුල්‍යමය දායකත්වය ලබා දුන් සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.