2020-03-07 වන දින මහියංගන සෑ රදුන් අභියස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සංවිධානය කළ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ “සම්බුදුවරුණ” පින්කමේ තවත් ප්‍රදාන අංගයක් වූ ගුවන් ගැබෙන් සෑ රජුන් වෙත පුෂ්ප පූජාවන් දැක්වීම ඉතාම ශ්‍රද්ධාවෙන් මනරම් ලෙස සිදුකිරීමට හැකිවිය, සූර්ය නමස් කාර ,රශ්මි මාලා සෑ රජුන් ඉහලින් පැතිරීම ,පමනක් නොව මල් වරුසා ඇද හැලීමද මෙම පුශ්ප පූජාවත් සමගින් සිදුවූ ආශ්චර්ය ජනක සිදුවීම් විය,
සෑ රජුන් වටා ගුවන් ගැබේ සිට තුන් වරක් පැදකුණු කොට සෑ රජුන් වෙත 7ත් වතාවක් ගුවන් ගැබේ සිට මල් පූජාවන් පූජා කිරීම මොනතරම් අසිරිමත්ද ,
මේ අසිරිමත් පුෂ්ප පූජාවෙන් ජනිත වූ සියලු පුණ්යධර්මයෝ මේ අසිරිමත් පින්කම බාරගෙන එම පින ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව සියතින්ම සිදුකරමින් අප සැමටම මෙය අනුමෝදන් වීම පිණිස සිදුකල අවසරයි පින්වත් වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේටද ,එමෙන්ම උපකාර කල අසන්ක අයියාටද ,මල් ලබා දීම සදහා උපකාර කල ප්‍රියන්ත මිතුරා ඇතුලු එම ගම්මාන වල වැසියන්ටද , එමෙන්ම නාරද ස්වාමින් වහන්සේටද ,එමෙන්ම මෙම හෙලිකොප්ටරය මේ පින් බිමට ගෙන ඒම සඳහා අවසර ලබා දුන් සියලු පිරිසටද,
මෙම සියලු දසුන් කැමරා කාචයන්ට හසුකර ගනිමින් මෙම අසිරිමත් පිංකම් ඔබ සැමට දැක බලා අනුමෝදන් වීමට සැලැස් වූ ඒ සදහා වෙහෙසූ ජනක,රසික,සමන්ත.ලෝචන ඇතුලු මාද්‍ය කණ්ඩායමේ සියලු මිතුරන්ටද ,
මේ සියලු පූජාවන් සඳහා අවවාද අනුශාසනා කරමින් ඒ සඳහා අවසර ලබා දුන් මහියංගන විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහියංගණ විහාරයේ දායක සභාවේ සියලු පිරිසටද,
වචනයකින් පවා “සම්බුදුවරුණ” පින්කම සඳහා උපකාර කළ සියලු කල්‍යාණ මිත්‍රයන් ටද
“සම්බුදුවරුණ ” පින්කම සඳහා මුල්‍යමය දායකත්වය ලබා දුන් සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.