2020-03-07 වන දින මහියංගන සෑරදුන් අභියස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සංවිධානය කළ, බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් පැය 12 ක් පුරා අඛණ්ඩව සිදුකළ “සම්බුදුවරුණ” දේශනාව ලක්ෂ සංඛ්‍යාත ජනකායකයකට ශ්‍රද්ධා සිත් ජනිත කරමින්, බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරමින් ඉතාම සාර්ථකව සිදුකිරීමට හැකිවිය..
මෙම අසිරිමත් පින්කමින් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ
- පළමුකොට මෙම දේශනාව සිදු කළ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ද,
- මෙම පිංකම සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් අපහට අවස්තාව සලසා දුන් මහියංගන විහාරාධිපති ස්වාමින් වහන්සේට ද , රතන ජෝති ස්වාමීන් වහන්සේ ඇතුළු මහියංගණ විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේලාට ද
- මහියංගණ විහාරස්ථානයේ ලේකම්තුමා ඇතුළු දායක සභාවෙ සියලු පින්වතුන්ට ද
- ජිනානන්ද ස්වාමින්වහන්සේ ඇතුළු බෙලිහුල්ඔය ආරණ්‍ය සේනාසනයේ සියලු ස්වාමීන් වහන්සේලාට ද
- වැඩමකර සියලු මහනායක ස්වමින් වහන්සේලාටද සියලුම අනෙක් ස්වාමින් වහන්සේලාටද අනගාරිකා මෑණිවරුන්ටද
- ආරක්ෂාව සම්පාදනය කර දුන් ත්‍රිවිධ හමුදාවේ සියලු පිරිසට ද,සිවිල් ආරක්ෂක බලකා සියලු සාමාජිකයන්ට ද
- මහියංගන පොලිස් කාර්ය මණ්ඩලයට ද,
- මහියංගන දිස්ත්‍රිකයේ වෙළද සංගමයේ සභාපති ඇතුලු සියලු සාමාජිකයන්ට ද,
- මහියංගන ජල සම්පාදන මණ්ඩලයේ සියලු කාර්ය මණ්ඩලයට ද,
- මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමන්ලාට ද,
- භෞතික සම්පත් දෙපාර්තමේන්තුවට ද,
- මහියංගන ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු සියලු සාමාජිකයන්ට ද,
- රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ නිශාන්ත ජයසුන්දර මහතා ඇතුළු සියලු සාමාජිකයන්ට ද,
- මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු සාමාජිකයන්ට ද,
- මහියංගන රෝහලේ කාර්ය මණ්ඩලයට ද,
- අනුර විදානගමගේ මහතා ඇතුළු නන් අයුරින් උපකාර කර මහියංගන ප්‍රදේශයේ සියලුම පිරිසටද,
- හෙලිකොප්ටරය සපයාදීමෙන් ද නේක අයුරින් උපකාර කල පින්වත් වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේට ද,
- මෙම සියලු දසුන් කැමරා කාචයන්ට හසුකර ගනිමින් මෙම අසිරිමත් පිංකම් ඔබ සැමට දැක බලා අනුමෝදන් වීමට සැලැස් වූ ජනක, රසික, සමන්ත, ලෝචන, නිසිත, ඇතුලු මාධ්‍ය කණ්ඩායමේ සියලු මිතුරන්ටද ,
- ස්වාමින් වහන්සේලාගේ උපස්ථාන කටයුතු සිදුකල නුවන්, බුද්ධික ඇතුලු උපස්තාන කමිටුවේ සියලු සාමාජිකයන්ට ද,
- යටිතල පහසුකම් සියල්ල සම්පාදනය කර දෙමින් එම කටයුතු සියල්ල අධීක්ෂණය කළ දර්ශන ,ශවේන්ද්‍ර,ශමිල ,මලින්ද,රශ්මික ,අශේන් ඇතුළු සියලු පිරිස ද,ගබඩා බාරව සිටි මදුර ඇතුලු පිරිසද
- මෙහෙයුම් කමිටුවේ වැඩ කටයුතු සම්පාදනය කළ ඉසුරු අරවින්ද ඇතුළු සියලු පිරිසටද
- ස්වාමීන් වහන්සේලාගේ දාන කටයුතු සම්පාදනය කළ කාශ්‍යප හා තුෂාර ඇතුළු දාන කමිටුව සියලු සාමාජිකයන්ට ද,
- මනරම් ලෙස මල් මණ්ඩප තනමින් අතිශය රමණීය මල් සැරසිලි සිදුකළ අසංක අයියා, හෙට්ටිපොළ දම්මගවේසි ස්වාමින්වහන්සේ ඇතුළු එම මල් සැරසිලි කණ්ඩායමේ සියලු මිතුරන්ට ද,
- එමෙන්ම ඒ සඳහා විශේෂ දායකත්වය දැරූ රුක්ශිනි අක්කා ඇතුළු සියලු පිරිසට ද,
- දන්සැල් 12කට අධික ප්‍රමාණයක් සම්බන්ධීකරණය කරමින් එහි අධීක්ෂණ කටයුතු සිදුකළ උපුල්, අශෝක, ප්‍රභාත්,ධම්මික ඇතුළු සියලු පිරිසට ද,
- එම දන්සැල් සිදුකල සියලු පිරිසට ද,
- විදුලි කමිටුවේ කුසල්, කිත්සිරි ඇතුළු සියලු පිරිසට ද
- අෂ්ඨපාන, චතුමදුර, ගිලන්පස පූජාව සකස් කිරීම කිරීම සිදු කළ නදී,සයනා, නිරෝෂනී, සමන්ති, ලක්මි මනොරි, කෞශල්‍ය ඇතුළු සියලු පිරිසට ද,
- ප්‍රචාරණ කටයුතු සම්බන්ධීකරණය සිදු කළ GS, ප්‍රියන්ත,ඉශාන් ඇතුළු ප්‍රචාරණ කමිටුවේ සියලු පිරිසට ද,
- දින තුනක් පුරාවට ගිහි පිරිසගේ ආහාර ලබාදීම සිදුකළ ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇතුළු සංග්‍රහ කමිටුව සියලු සාමාජිකයන්ට ද,
- ආරක්ෂක කටයුතු සම්පාදනය කරමින් එහි සියල්ල අධීක්ෂණය කළ අදීශ අයියා ඇතුළු ආරක්ෂක කමිටුවේ පිරිසට ද,
- විශේෂ පිරිකර සකස් කිරීම සදහා දායකත්වය දැක් වූ රසික ගුණවර්දන, අමිල ප්‍රියදර්ශන, නුවන් තෙන්නකෝන්, නදී අක්කා, සමන්ත, දර්ශි, නිරෝශනී, රන්දික, තිලින, සයනා, හර්ශ, දුමින්දු, ඇතුලු සසුන්කෙත සියලු පිරිසට ද,
- පරිශ්කාර සැකසීමට පහසුකම් සැලසූ – ඉනෝකා අක්කාට ද,සුසන්ත අයියාද
- බුදුරජාණන් වහන්සේට උදෑසන පැන් පහසුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පූජා කිරීම සිදුකල දර්ශන මිතුරාට ද,
- කිරිපිඩු පූජාවන් සිදු කළ හිරුදිණී අක්කා ඇතුළු සියලු පිරිසට ද,
- පෙරහැර අප්‍රමාණ කැප වීමෙන් වෙහෙස මහසි වී සංවිධානය කළ නිරෝශ්, හර්ශ, ජනක ඇතුලු සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලේ පෙරහැර කමිටුවේ සියලු සාමාජිකයන්ට ද,
- පෙරහැර සදහා අනුශාසනා, උපදෙස් ලබා දීම සිදුකල රුක්ශනී අක්කා, අසංක අයියා, සුපුන් අයියා ඇතුළු පිරිසට ද,
- අවශ්‍ය වන පාවඩ, මුතුකුඩ ලබා දීම (බෞද්ධයා නාලිකාව හා සම්බන්ධ කර) – රුක්ශනී අක්කා/ ලලිතා මෑනියන්ට ද,
- පාවඩ මුතුකුඩ ලබාදීම සිදුකළ අමතරතන විහාරධිපති ස්වාමින්වහන්සේට ද,
- කදුබොඩ සුමේද ස්වාමින් වහන්සේට ද,මහින්දසිරි ස්වාමින්වහන්සේටද
- අමා දොර විවර විය කණ්ඩායමේ සියලු මිතුරන්ට ද
- ශබ්ද විකාශන යන්ත්‍ර සම්පාදනය කළ ඩයනී අක්කා ඇතුලු පිරිසද
- සෑ මලුව සුවඳ පැනින් දෝවනය කළ බලංගොඩ වරුණ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පිරිසටද
- ආලෝක පූජාවන් සඳහා දායකත්වය දැරූ සියලු පිරිසටද
- මේ සියලු පූජාවන් බොහෝ දෙනෙකුට අනුමෝදන් වීම පිණිස බෞද්ධයා නාලිකාව ඔස්සේ විකාශනය සඳහා දායකත්වය ද, ඩිජිටල් පුවරු සම්පාදනය කර දුන් සන්ද්‍යා තෙන්නකෝන් මැතිණිය හා මංජුලා වික්‍රමරත්න මැතිණිය ඇතුළු සියලු පිරිසට ද,
- දුර බැහැර ප්‍රදේශවල සිට ස්වාමීන් වහන්සේලා වැඩම කිරීමට සම්බන්ධ වූ සියලු පිරිසටද එමෙන්ම බස් රථ යොදා ගනිමින් ගම්වැසියන් මෙම පිංකමට ගෙන ඒමට කටයුතු කළ හා ඒ සඳහා මූල්‍යමය දායකත්වය දැරූ සියලු පිරිසට ද,
- අපිරිමිත කැපවීමෙන් දිවා රෑ වෙහෙසෙමින් මෙම සම්බුදුවරුණ පින්කම සාර්ථක කර ගැනීම සඳහා අපමණ කැපකිරීම් කළ නම් සඳහන් වූ නම් සඳහන් නොවූ සසුන්කෙත අස්වද්දමු සමූහයෙහි සියලුම සාමාජික සාමාජිකාවන්ට ද
- මුද්‍රණ කටයුතු සම්බන්දයෙන් උපකාර සිදුකළ ලීෆ් ආයතනය ඩිලාන් මිතුරාටද සුපුන් මිතුරාටද ඇතුළු සියලු මිතුරන්ට ද
- මෙය සම්පූර්ණයෙන් විකාශන කටයුතු සිදු කළ බෞද්ධයා ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට ද
- ස්වාමීන්වහන්සේගේ ධර්ම මණ්ඩපය සැකසීම සඳහා දායකත්වය දැරූ කුසල් නුවන් කිත්සිරි සුජිත් යෝගා ඇතුළු සියලු පිරිසටද
- කංචුක පූජාවන් සඳහා දායකත්වය දැරූ නදි අක්කාටද හිරුදිනි අක්කාටද ඇතුලු සියලු පිරිසටද
- වචනයකින් පවා “සම්බුදුවරුණ” පින්කම සඳහා උපකාර කළ සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද
- “සම්බුදුවරුණ ” පින්කම සඳහා මුල්‍යමය දායකත්වය ලබා දුන් සියලු පින්වතුන්ටද,
- මෙහි නම් සදහන් නොකල නමුත් බොහෝසේ නන් අයුරින් උපකාර කල සියලු ස්වාමින් වහන්සේලාටත් සියලු ගිහි පිරිසටත් ,
- පින්කැමති සියල්ලන්ට ද ,
- මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.