යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරම් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය.
සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දින,යක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය පොකුණ අසබඩ දී කාලකාරාම සූත්‍ර දේශනාව කළ පුණ්‍ය භූමියයි .දෙව් බඹ නා පිරිස එක් රොක් වෙමින් මෙම පුණ්‍ය භූමියේ බැලු බැලු තැන එදා ධර්මය ශ්‍රවණය කරන්න ඇති.කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ප්රමුඛ එම අරහත් පරපුරෙන් පැවත එන පින්වත් ස්වාමීන් වහන්සේලා අදටත් හුදකලාව විවේකී සුවයෙන් බවුන් වැඩීමට මෙම අසිරිමත් පින්බිම කරා නිරන්තරයෙන් වැඩම කරයි,ඉතින් මුලු රටම අද වසන්ගත රෝගයකට හසු වී ඇදිරිනීතිය දමා මුලු රටේම වැඩ කටයුතු සියල්ල අඩපන වී ඇති මොහොතක කලුදිය පොකුණ තපෝවනයේ දාන අඩුපාඩුව දුරලමින් දානය හා ඉදිරි දින කිහිපයට අවශ්‍ය වියලි සලාකද පූජා කිරීමට අද දින හැකි විය ,
කාල දානයෙන් රැස්කරගත්තාවූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා උපකාර කල නිරොශි,ඉනෝකා,සුසන්ත ඇතුලු පිරිසටද ,මාගේ දෙමව්පියන්ටද,පවුලේ සියලු දෙනාටද ඇතුලු පින් කැමති සියල්ලටම මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා!
රටේ පවතින මෙම රෝග බිය දුරු වී මුළු රටටම හා ඉක්මනින් සෞභාග්‍ය උදාවේව
ඉතින් ඔබ සැම මේ දිනවල දානය නොලැබෙන විහාරස්තාන කෙරෙහි අවදානය හැකි පරිදි යොමු කරමින් ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී පින් රැස්කරගනු මැනවී.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.