මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදිවු රජරටේ වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර වලින් මුල් තැනක් රිටිගලවන පියසට හිමිවෙයි.සොබාදහමට ප්‍රිය කරන ඕනෑම කෙනෙකුගේ සිත පිනා යන අපූරු සුන්දරත්වයක් මේ තුල ඇත. ලංකාවෙ ප්‍රථම රහතන් වහ්න්සේ වන අරිට්ඨ රහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා සිය දහස් ගනනින් වෑඩ සිටි රිටිගල වන අරනේ පිහිටියාවූ මනරම් දිය ඈලි ,දොල කඩිති ,තුරුලතා වලින් සපිරි ඒ අතිශයින්ම රමණීය සෙනසුනකී රිටිගල ආඩියකන්ද ආරණ්‍ය සේනාසනය, ඉතින් මුලු රටම අද වසන්ගත රෝගයකට හසු වී ඇදිරිනීතිය දමා මුලු රටේම වැඩ කටයුතු සියල්ල අඩපන වී ඇති මොහොතක රිටිගල ආඩියකන්ද ආරණ්‍ය දාන අඩුපාඩුව දුරලමින් දානය හා ඉදිරි දින කිහිපයට අවශ්‍ය වියලි සලාකද පූජා කිරීමට අද දින හැකි විය.
කාල දානයෙන් රැස්කරගත්තාවූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා උපකාර කල ,ඉනෝකා අක්කාටද ,සුසන්ත අයියාටද, මුනසින්හ,දර්ශන ,නිරෝශ්,නුවන් ඇතුලු පිරිසටද ,මාගේ දෙමව්පියන්ටද,පවුලේ සියලු දෙනාටද ඇතුලු පින් කැමති සියල්ලටම මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා!
රටේ පවතින මෙම රෝග බිය දුරු වී මුළු රටටම හා ඉක්මනින් සෞභාග්‍ය උදාවේවා
ඉතින් ඔබ සැම මේ දිනවල දානය නොලැබෙන විහාරස්තාන කෙරෙහි අවදානය හැකි පරිදි යොමු කරමින් ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී පින් රැස්කරගනු මැනවී,,
Leave a Reply
Your email is safe with us.