මුළු රටම ව්‍යසනකාරී තත්වයකට පත්ව ඇති මේ අවස්ථාවේ සෑම දෙනාම හැකි පරිදි මූලික සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කරගන්නා අතර අප බොහෝ දෙනකුට මේ වෙලාවේ ආර්ය මහා සංඝරත්නය මේ ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වය නිසා අමතක වී ඇත, බොහෝ දුෂ්කර වන සෙනසුන්හි දානය බාරගත් පිරිස් ඇදිරිනීතිය හේතුකොටගෙන එම පිරිසට එම විහාරස්ථාන වෙත පැමිණීමට නොහැකිව සිටී, ඒ හේතුව නිසා බොහෝ විහාරස්ථානයන්හි දානය ප්‍රබල ගැටළුවක් වී පවතී. ඉතින් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ මෙම ගැටළුවට විසඳුමක් ලෙස ඇදිරි නීතිය පැවතුණ ද ඒ සියලු ගැටලු දුරලමින් ඒ සදහා අවශ්‍ය නිසි බලපත්‍රද රැගෙන, අවශ්‍ය සියලු සෞඛ්‍යය රක්ෂිත ක්‍රියා මාර්ගය අනුගමනය කරමින් අවශ්‍යතාවන් ඇති දුෂ්කර වන සෙනසුන් වෙත කැපකරු මහතෙක් යටතේ දානය පිසීමට හැකි වන පරිදි වියළි සලාක වියළි ආහාර පූජා කිරීමට අදහස් කර ඇත.
ඉතින් අද 4 වන දිනටත් මෙම පින්කම සිදුකල අතර අද දින පොරවගම ආරණ්‍ය සේනාසනය වෙත ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව වියලි ආහාර පූජා කිරීමට අපට හැකි වූ අතර මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ සදහා දායකත්වය දැරූ සමන්ත, රුක්ශිනී,රුශාන්,අකිල,සුපුන්,ඔසන්දි,සුසන්ත,ඉනෝකා,නිරෝශි,කල්හරී,මලින්ද,මුදිත,අමිල,ශාන්,කල්‍යාණී,ටිරෝන්,ඇතුලු ද ,අපගේ පවුලේ සියලු දෙනාටද ඇතුලු පින් කැමති සියල්ලටම මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා!
රටේ පවතින මෙම රෝග බිය දුරු වී මුළු රටටම හා ඉක්මනින් සෞභාග්‍ය උදාවේවා
ඉතින් ඔබ සැම මේ දිනවල දානය නොලැබෙන විහාරස්තාන කෙරෙහි අවදානය හැකි පරිදි යොමු කරමින් ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී පින් රැස්කරගනු මැනවී.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.