දෙපා වාරු තිබෙන කාලේ අපිට පුලුවන්නම් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කරන්න ,එමෙන්ම එම පින තව කෙනෙක්ට් අනුමෝදන් කරන්න එපමනක් නොව තව කෙනෙක්ව දානය පූජා කිරීමට යොමුකරන්න එය මොනතරම් පිනක්ද ,
ඇදිරිනීතිය හමුවේ බොහෝ දෙනෙක් තම අවශ්‍යතා හැකි පරිදි සම්පූර්ණය කර ගන්නා අතර ආර්ය් මහා සඝ රුවණ අමතක නොකරන්න, මේ පින්තූර පෙල හේතුවෙන් ඔබ සැමත් දානය හැකි පරිදි පූජා කර ගනිත්වා. අනුමෝදන් වෙත්වා.
අතීශය රමණීය ඇල්පිටිය කිරි දොළ ආරණ්‍ය සේනාසනය වෙත ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ඉතා වෙහෙස මහන්සි වී වියලි ආහාර පූජා කිරීමට අපට හැකි වූ අතර මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ සදහා දායකත්වය දැරූ
ප්‍රසාද් ප්‍රනාන්දූ,කෞෂල්‍යා ,සමන්ත, ,කාංචනා ,ගංගා, ගයත්‍රී,කල්‍යාණි වික්,නුවන්,ජනක ,කසුන්, සංඛ ඇතුලු සියලු දෙනාටද , පින් කැමති සියල්ලටම මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා!
රටේ පවතින මෙම රෝග බිය දුරු වී මුළු රටටම හා ඉක්මනින් සෞභාග්‍ය උදාවේවා
ඉතින් ඔබ සැම මේ දිනවල දානය නොලැබෙන විහාරස්තාන කෙරෙහි අවදානය හැකි පරිදි යොමු කරමින් ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී පින් රැස්කරගනු මැනවී.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.