දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ මොහොතේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා තැන්පත් උතුම් රන් වැලි මහ සෑ රජුන්ගේ හුණු පිරියම් කිරීම සඳහා කාය පූජාවෙන් දායකත්වය ලබාදීමට හැකිවීම අප්‍රමාණ සතුටක් ගෙනදෙන අසිරිමත් පින්කමකි.
රට පුරාම ව්‍යසනකාරී තත්ත්වයක් පැවතුනද මෙම හුණු පිරියම් කිරීම සිදු කරන්නාවූ සම්පත් මහතා ඇතුළු පිරිස මේ සියලු ගැටලු,කම්කටුලු පසෙකලා ඉතාම කැපවීමෙන් මෙම අසිරිමත් පිංකම මනාව සිදු කරනු ලබයි, අව් වැසි ආදී නොයෙක් බාධා පැමිණියද අප්‍රමාණ කැප වීමෙන් මෙම පිරිස මේ සියලු කටයුතු කරන්නේ ඉතාමත් සැදැහැසිතිනි.
ඉතින් මෙම සම්පත් අයියා,ධම්මික අයියා ඇතුළු කල්‍යාණ මිත්‍ර පිරිස නිසා මට ද මේ දුර්ලභ අවස්ථාව උදාවූ අතර ඉතින් ඔබ සැම මේ පින දැකබලා ඉතාම සතුටින් අනුමෝදන් වෙන්න. මේ සියලු කටයුතු සිදුකරන රන්මැලි සෑ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මේ හුණු පිරියම් කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී බව උදාවේවා , කටයුතු සියල්ලම සාර්ථකව කරගන්න ලැබේවා.
මුළු රටේම සියලු කරදර බාධා රන්වැලි සෑ රජුන්ගේ අනුභාවයෙන් දුරු වී වහා මේ රටට සෞභාග්‍ය උදා වේවා.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.