මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග ආරම්භ වූ බුදු සසුනින් සුපෝෂණය වූ අනුරාධපුර රාජධානියේ මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙර විසූ රජවරුන්, පුරෝහිතවරුන් ස්ථූප , ධර්ම ශාලා, සක්මන් මලු , ආවාස ගෘහයන් , ළිං පොකුණු , මංමාවත් තැනීම් ආදී කොට ගත් සසුන් කෙත පුනර්ජීවය උදෙසා යොදා ගත්තා වූ අවි ආයුධ තැන්පත් කොට ධාතුන් වහන්සේලා ද නිධන් කරමින් සැකසූ මහානුභාවසම්පන්න අනුහස් සපිරි ස්ථූපයයි මිහින්තලාවේ කටු සෑ රජුන්. මිහින්තලා පුදබිම ගොඩනගමින් මේ සඳහා කාය පූජාවෙන් දායක වූ පින් ඇත්තන් අද වන විටත් දෙව්ලොව , නා ලොව සිට මෙම ස්ථානයට පැමිණ පින් අනුමෝදන් වන බව ද ජනවහරේ සඳහන් වේ. ඉතින් මේ සෑ රජාණන් වහන්සේ වන්දනා කිරීමට පසුගිය දිනක ගමන් කළ අවස්ථාවේදී අප දුටුවේ රාත්‍රියේ මේ සෑ රජුන් ඉතාම කළුවරේ වැඩසිටින බවක් ය. ඉතින් මෙයට ස්ථිර විසඳුමක් ලබා දෙනු පිණිස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල එක්වී මෙම සෑ රජුන් වටා ආලෝකකරණ පද්ධතිය ඉතාම ශ්‍රද්ධාවෙන් සකසා අද දින (2020.05.23) පූජා කරන ලදී.
මෙම අසිරිමත් ආලෝක පූජාව මෙම සෑ රජුන් උදෙසා බොහෝ කාලයක් සුවසේ වැඩසිටීම පිණිසම උපකාර වේවා..!
මෙම පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත් ශාලිකා කුමාරසිංහ අක්කාටද , කාර්මික අංශයෙන් මේ සඳහා දායකත්වය දැක්වූ චාමික අයියා ඇතුළු විදුලිබල මන්ඩලයේ සියලු කාර්යය මණ්ඩලයටද, පුරාවිද්‍යා ආයතනයේ සියලු කාර්යය මණ්ඩලයටද , මිහින්තලා විහාරස්ථ දායක සභා මන්ඩලයේ සියලු පින් ඇත්තන්ටද , පින් කැමති ඔබ සැමට ද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම උපකාර වේවා…! මෙවන් අසිරිමත් සෑ රජාණන් වහන්සේලා වල්බිහි වන්නට නොදී මතු පරපුර උදෙසා රැක ගැනීම අප සැමගේ යුතුකමකි.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.