ඉන්දර පුරවන් නිතියෙන් සිරිබර
සුන්දර ගුණයුත් දන රැඳී පැණසර
මන්දිර පෙළ සැදී විපුල න ගරවල
බෙන්තර ගලපාත යි කිවු මැතිවර
මහා ධම්මාධිකාරී, මහා අග්රධූතාංගධාරී, මහා තෘතීය ශ්‍රාවක, මහා සම්බුද්ධ ශාසන ආරක්ෂක අනුබුද්ධ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ හතකින් සමන්විත අපගේ බුදුරජාණන් වහන්සේගේ පාංශුකූල චීවරය පවා දරා වැඩසිටීමට තරම් පුණ්‍ය බලයක් හිමි උතුම් රහතන් වහන්සේ නමකි.
ඉතා සරල, අල්පේච්ඡ මෙන්ම හුදකලා, විවේකී , සැහැල්ලු දිවියක් ගතකළ මුන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දිවිපෙවෙත, බොහෝ විට, බොහෝ සෙයින් වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ අනාගත ශ්‍රාවක සඟ පරපුර කාශ්‍යප මහරහතුන්ගේ පැවිදි ජීවිතය ආදර්ශයට ගත යුතු බව ද නොයෙක් අවස්ථාවල මතක් කළ සේක.
අනුරාධපුර යුගයේ ලක්දිවට වැඩම කර වූ මහා කාශ්‍යප දළදා වහන්සේට දුටුගැමුණු මහ රජතුමා සොයුරු, සද්ධාතිස්ස කුමරු ලවා සියලු අංගයන්ගෙන් සපිරි මහා විහාරයක් ඉදි කරවා දළදා වහන්සේ වඩා හිඳුවා පුද පූජා පවත්වන ලදී. පසුව දඹදෙණිය යුගයේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු මහ රජතුමා ආරක්ෂාව පිණිස, තුන්ලොවහිම පවතින එකම කාශ්‍යප දළදා වහන්සේ මෙම “බෙන්තර ගලපාත ස්තූපය” තුළ නිදන් කොට දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට මග විවර කරන ලදී.
ඉතින් පෙර සසරේ සිදුකළ අති උත්තම පිනකට කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවමාන දළදා වහන්සේ වැඩ වසන මෙම ස්තූපය මනාව පිරිසිදු කරමින් ,පිළිසතර කරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව තීන්ත ආලේප කිරීමේ දුර්ලභ අවස්ථාව අප සැමට උදා විය. අධික වර්ෂා කාලයක වුවද අප සෑමවිටම මහරහතන් වහන්සේ ගේ ගුණ සිහි කරමින් ම මෙම වර්ෂාවට අපගේ වීර්ය හීන වන්නට නොදී දින තුනක් පුරා මෙම අසිරිමත් පිංකම අප සැම එක්වී සිදු කරන ලදී. ජීවිත කාලයේදී ම අපට මහා කාශ්‍යපයන් වහන්සේට මෙතරම් උපස්ථානයක් සිදුකර ගැනීමට නැවතත් අවස්ථාවක් උදාවේ යැයි සිතිය නොහැක. මෙම හුණු ආලේප කිරීමෙන් පසු අවසානයේ අසිරිමත් සෑ වන්දනාවක් කන්චුක පූජාවන්ද සමගින් , චතුමදුර, අශ්ඨපාන , ගිලන්පස පූජාවන්ද නොයෙකුත් විසිතුරු මල් පූජාවන්ද , විසිතුරු මල් දාමයන්ද පරිශ්කාර ඇතුලු අසිරිමත් පුද පූජාවන් සිදුකලෙමු,ඉතින් ඉතාම ශ්‍රද්ධාවෙන් දින ගණනාවක් සිදුකළ මෙම අසිරිමත් තීන්ත ආලේප කිරීමේ පුණ්‍ය කර්මයෙන්ද මෙම වන්දනවෙන්ද රැස් වූ පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූල්‍ය දායකත්වය දැරූ අසංක රාජපක්ෂ අයියා ඇතුළු කල්‍යාණ මිතුරන්ටද අප්‍රතිහත කැපවීමකින් දින ගණනක් කාය පූජාවෙන් සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද, කංචුක පූජාවන් සිදු කළ චෙමී මිතුරිය ද චන්ද්‍රානි අම්මා ඇතුළු පිරිස ද ,වන්දනාවට වැඩමකල ඇල්පිටිය මහමෙවුනා අසපුවේ ස්වාමීන් වහන්සේලාට ද,බෙන්තර ගලපාත විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද , නන් අයුරින් උපකාර කළ සැමට ද, රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතු වේවා !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.