ඉතින් පෙර සසරේ සිදුකළ අති උත්තම පිනකට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාද , අරහත් ධාතූන් වහන්සේලා ද වැඩ වසන බෙන්තර බෝධිමළු විහාරස්ථ ස්ථූපය මනාව පිරිසිදු කරමින් , පිළිසතර කරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව තීන්ත ආලේප කිරීමේ දුර්ලභ අවස්ථාව අප සැමට පසුගිය දිනක උදා විය. අධික වර්ෂා කාලයක වුවද අප සෑමවිටම මහරහතන් වහන්සේ ගේ ගුණ සිහි කරමින් ම මෙම වර්ෂාවට අපගේ වීර්ය හීන වන්නට නොදී මෙම අසිරිමත් පින්කම අප සැම එක්වී සිදු කරන ලදී. ජීවිත කාලයේදී ම අපට බුදුරජාණන් වහන්සේට, මහරහතන් වහන්සේලාට මෙතරම් උපස්ථානයක් සිදුකර ගැනීමට නැවතත් අවස්ථාවක් උදාවේ යැයි සිතිය නොහැක.
ඉතින් ඉතාම ශ්‍රද්ධාවෙන් සිදුකළ මෙම අසිරිමත් තීන්ත ආලේප කිරීමේ පුණ්‍ය කර්මයෙන් රැස් වූ පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූල්‍ය දායකත්වය දැරූ සුපුන් ලක්රුවන් , සුසන්ත අයියා හා ඉනෝකා අක්කා ඇතුලු පවුලේ සැමට ද , ආහාර පාන ලබා දුන් සියලු දෙනාට ද , ඇතුළු කල්‍යාණ මිතුරන්ට ද අප්‍රතිහත කැපවීමකින් කාය පූජාවෙන් සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද සෙනසුනේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතු වේවා !
දාගැබ් පිළිසතර කිරීමේ ආනිසංස
- ශරීරයේ විවිධ රෝග හට නොගනී.
- ශරීරයේ කිසිම කැළලක් හටනොගනී.
- දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි.
- රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි.
- අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ.
- මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ.
- සක්විති රජ පදවිය හිමි වේ.
- සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ.
- ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ.
- අරහත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ.
- නිර්වාණය අවබෝධ වේ.
- එතෙක් කිසිදු දුගතියක නූපදී.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
එක් වන්න අප සමග…….
Leave a Reply
Your email is safe with us.