සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහා ය. ලක්ෂ 12 ක වියදමකින් මනරම් ලෙස අංගසම්පූර්ණව ඇල්පිටිය අසපුවේ කුටි සෙනසුනක් ඉදිකරවා ගරු භාණ්ඩ සහිතව සිව් දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට අප සැමට ඊයේ දින වාසනාව උදාවිය.
මෙම අසිරිමත් කුටි සෙනසුන් පූජාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූලිකත්වය ගත්
- ජිනේන්ද්‍රා චාන්දනී අක්කා ඇතුළු එම පවුලේ සියලු දෙනාටම එමෙන් ම සෙසු දායකත්වය දැරූ
- හසිත කේශාන් මිතුරාට
- කල්‍යාණි වික් අක්කාට ද ,
- නවෝදි ජයසේන මිතුරියට ද ,
- කාවින්ද ඩයස් මිතුරාට
- තේජිත් දේවින්ද මිතුරාට
- හසන්ත කරලියද්ද මිතුරාට
- උදාරි මිතුරියට
- ගයත්‍රි මිතුරියටද
- නමිල නුවන් මිතුරාට
- රවීන්ද්‍ර ජයවීර මිතුරාට
- ඉන්දු විමලරත්න අක්කාට ද ,
- රිද්මා මිතුරියට ද ,
- මලින්ද මිතුරාට ද ,
- රුක්සලා මිතුරියට ද ,
- ටානියා මිතුරියට ද ,
- නිරෝශ් ඇතුලු පිරිසටද
- සුමුදු මල්වැන්න
- සමන්ත මිතුරාට
- කල්හාරී මිතුරියට
ඇතුලු පින් කැමති සියල්ලන් හටද මේ පින් අනුමෝදන් කරන්නෙමු. සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා! තෙරුවන්සරණයි ! නමෝබුද්ධාය !
කුටි පූජාවේ ආනිශංස
- නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ. (නළකුටි දායක ථෙරාපදානය https://pitaka.lk/main?n=47179)
- නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය. (නළාගාරික ථෙරාපදානය https://pitaka.lk/main?n=46445)
- තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,
- තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.
- උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.
- බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.
- සිංහ, ව්යාඝ්ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.
- සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.(තිණකුටිදායක ථෙරාපදානය https://pitaka.lk/main?n=46437)
අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා. ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. (කිංදද සූත්‍රය – https://pitaka.lk/main?n=211050)
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.