ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් හා ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීමෙහිලා මුලසුන් හෙබ වූ සංඝමිත්තා අරහත් තෙරණින් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව මෙම පින් බිමේම ආදාහනය කරවා භෂ්මාවශේෂ ධාතුන් මෙහි නිධන් කර මෙම ස්තූපය උත්තිය රජතුමා විසින් ක්‍රි.පූ. 198 දී කරවා ඇත. ඉතින් මේ සෑ රජාණන් වහන්සේ වන්දනා කිරීමට පසුගිය දිනක ගමන් කළ අවස්ථාවේදී අප දුටුවේ රාත්‍රියේ මේ සෑ රජුන් ඉතාම කළුවරේ වැඩසිටින බවක් ය. එමනිසා මෙයට ස්ථිර විසඳුමක් ලබා දෙනු පිණිස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල එක්වී මෙම සෑ රජුන් හට ආලෝකකරණ පද්ධතියක් ඉතාම ශ්‍රද්ධාවෙන් සකසා 2020.06.27 දින පූජා කරන ලදී.
මෙම අසිරිමත් ආලෝක පූජාව මෙම සෑ රජුන් උදෙසා බොහෝ කාලයක් සුවසේ වැඩසිටීම පිණිසම උපකාර වේවා….!!!
මේ පින්කම සිදුකිරීම සම්බන්ධීකරණය කර දුන් පින්වත් චාමික අයියා , ජූඩ් අයියා ඇතුලු මිතුරන්ටද, පින්කම සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලබාදුන් පියතිලක මහතා ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට ද , මේ සඳහා අපමණ වෙහෙස මහන්සි වූ අනුරාධපුර විදුලි බල මණ්ඩලයේ සියලු පිරිසටද , මූල්‍යමය දායකත්වය දැරූ
- එවන් අයියා
- චාමික අයියා ඇතුලු පිරිසටද ,
කාය පූජාවෙන් සම්බන්ධ වූ ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැල ඇතුලු සැමට ද, සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතු වේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.