පෙර සසරේ අති උත්තම පිනකට ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්ණමාලී සෑ රජුන් ගේ ආරක්ෂාව පිණිස ස්වර්ණමාලී සෑ රක්ෂිතය වටා කොන්ක්‍රීට් කණු යොදා ආරක්ෂිත පවුරක් ඉදිකිරීමේ පින්කම සිදු කිරීමට “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට පුරාවිද්‍යා ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඊයේ (2020.06.27) දින අවස්ථාව උදා වූවා.
මෙම ආරක්ෂිත වැට මගින් ස්වර්ණමාලී සෑ රක්ෂිතයට වාහන ඇතුල් කිරීම,කැලි කසල බැහැර කිරීම, ආදී කටයුතු වැළකෙන අතර අනූහය කෝටියක් රහතන් වහන්සේලා වැඩ විසූ මෙම අසිරිමත් භූමියේ පුරාවට විහිදී පැතිරී පවතින ඉපැරැණි පුරාවස්තු ආරක්ෂා වීම ද මෙමගින් සිදුවේ. ඉතින් ඉතාම කැපවීමෙන් අපරිමිත කාය පූජාවෙන් මෙම කොන්ක්‍රීට් කණු පටවා ගෙන විත්, අදාළ ස්ථානයන්හි ක්‍රමානුකූලව බෑමෙන් පසු නූල් ගසමින් කණු ක්‍රමානුකූලව සිටුවා ඉතාම කැපවීමෙන් මෙම අසිරිමත් පින්කම අප විසින් සිදු කරන ලදී.
මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා අප හට අවස්ථාව සලසා දුන් පුරාවිද්‍යා ආයතනයේ පින්වත් පියතිලක මහතාට ද වසන්ති මහත්මියට ද ඇතුළු අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ සියලුම කාර්යය මණ්ඩලයට ද , පින්වත් රුවන්වැලි සෑ විහාරස්ථානාධිපති ස්වාමින් වහන්සේටද, එමෙන්ම මෙම පින්කම සඳහා ප්‍රවාහන පහසුකම් සලසා දී අහාර පාන ලබා දී මෙම සම්පූර්ණ පින්කමට දායකත්වය දැරූ පින්වත් එවන් අයියාට ද, උදෑසන ආහාර සඳහා දායකත්වය දැරූ සහන් ,කසුන්, ලහිරු ඇතුළු පිරිසට ද, මෙම පින්කමට සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද, මෙන්ම පින් කැමති ඔබ සියලු දෙනාටම මෙම සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිස ම හේතූ වේවා.
මේ ආරක්ෂිත පවුර ඉදිකලාක් මෙන් අපගේ කෙලෙස් දුරු වී නිවන් මග සුරක්ෂිත වීමට ම මේ පින හේතුවාසනා වේවා
සාදු ! සාදු ! සාදු !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.