මේ වැඩසිටින්නේ ලග්ගල මහාවනයේ අවුරුදු තිහක් පමණ බවුන් වඩපු ආරන්යවාසී මහාසගපරපුරට පීතෘත්වයෙන් උපකාර කල අතිපූජනීය වන්දනීය ඩෙන්මාර්ක් ජාතික ඥානදීප මහාස්වාමින් වහන්සේ..මේ වන විට උන් වහන්සේ ඉතාම ගිලන්බවට පත් වී ඇත .එකල නීරෝගිව ලග්ගල මහාවනයේ ගල්ලෙනක සිටිසමයේ උන්වහන්සේ මහාවනයෙන් පින්ඩපාතය පිනිස ඒ අසල වූ කුඩාගම්මානයට වඩින මොහොතේ ලක්දිව බොහෝ ප්‍රදේශවලින් දන්පූජා කිරීමට එන් බොහෝ දෙනාට උන්වහන්සේ පවසන්නේ “මේ ගම්මානවල ජීවත් වන්නේ හරිම දුප්පත් අහින්සක මිනිස්සු මේ අයට පුලුවන් වීදිහට හදාගෙන ගේන දානේ අපට පිලිගන්වන්න අවස්තාවක් දෙන්න..මට අවශ්‍ය මේඅහින්සකයන්ට පිනක් කරදෙන්න..” මෙන්න මෙ ප්‍රකාශය අහද්දි මට සිහිවුනේම තෘතිය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහ රහතන්වහන්සේව.
සියජීවිතයම මහාවනන්තරවල ගල්ලෙන්වල සසර දුක් සීදීමට කෙලෙස් සමග සටනක යෙදුනු උන්වහන්සේගේ ස්කන්ධ සතරමහාධාතු ආයතනවලින් හටගත් මේ නාමරූප පරම්පරා දරන උන්වහන්සෙගේ කයත් අද බොහෝ රෝගිවෙලා නමුත් වඩන ලද අධිචිත්තයේ සහන් එළිය නිවන දෙසටමයි.දෙවියන් බඹුන් සහිත ලෝවාසින්ට අනුත්තර මහා පින්කෙතක් වෙමින් තව බොහෝකාලයක නිදුක්ව විංශත්වර්ශාධික කාලයක් ශ්‍රාවක සගරුවන සෝභමත් කරමින් වැඩසිටීවා යි පාදනමස්කාරයෙන් ප්‍රාර්තනා කරනවා.. අපගෙ වචනයෙන් ස්වාමින් වහන්සේගේ ගුණයට වරදක් වූයේනම් අනන්තවාරයක් සමාවභජනය කරත්වා… ආර්ය අශ්ටාංගික මාර්ගය වඩනවානම් ලොව රහතුන්ගෙන් ආර්යන් වහන්සේලාගෙන් හිස්නොවන්නේමය සසුන බබලන්නේමය..
ඉහතින් දිස්වන්නේ මීට අවුරුදු 3කට පෙර උන් වහන්සේ චන්දශාලා ගල්ලෙන් ආරණ්‍යයේ වැඩ වසන විට අප දානය පූජා කරමින් ,භාවනා මදුරු දැල් පූජා කරමින් උන් වහන්සේට උපස්තාන කීරීමට ලැබූ දුර්ලභ චායා රූප පෙලකී, ඉතින් අප රැස් කල සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා ,උතුම් නිරෝගී බවම උදා වේවා .
උපුටාගැනීමකුත් මෙහි අන්තර්ගත වේ…
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.