වව්නියාව පසුකර නැදුන්කනි ප්‍රදේශයට ගිය විට හමුවන ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසට අයත් අනුරාධපුර මුල් යුගයේ අක්කර දහස් ගණනකින් යුත් “සපුමල්ගස්කඩ රජ මහා විහාරයේ” පසුගිය දින පැවති සෑ රජාණන් වහන්සේ කැණීම් කිරීම ආරම්භ කිරීමේ පිංකමට සමගාමීව එදිනම මෙම විහාරස්ථානයේ වැඩ වසන ධාතූන් වහන්සේලා සුවපහසු ලෙස තැන්පත් කිරීම පිණිස සුදු යකඩින් තනවා, මනා වීදුරු යොදා ලක්ෂ දෙකක පමණ මුදලකින් සකස් කිරීමට යෙදුන සුදු යකඩ ධාතු මන්දිරය “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට පූජා කිරීමට හැකි වීම මහත් භාග්‍යකි.
මෙහිදී රාජ් සෝමදේව මහතාගේ අධීක්ෂණය යටතේ ඇරඹි ස්තූපය කැනීම් කටයුතු සඳහා අපට ද සම්බන්ධ වීමට හැකි වූ අතර, ඉපැරණි ස්තූපය වන්දනා කරමින් දිනය පුරා අපමණ පින්කම් රාශියක් සිදුකිරීමට අපට අවස්ථාව උදා විය.
දිනය පුරා රැස්කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ සඳහා අපට අවස්ථාව සලසා දුන් පින්වත් ශාන්ත බෝධි ස්වාමින් වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද, මෙම ධාතු මන්දිරය සකස් කිරීම පිණිස දායකත්වය දැරූ,
- අසන්ක රාජපක්ශ අයියාටද,
- ඔසන්දි අක්කාටද,
- කාවින්ද්‍ර කුමාරගම අයියාටද,
- ජයනිකා මිතුරියටද,
- එවන් අයියාටද,
- අරුණ ප්‍රියදර්ශන අයියාටද,
- නිලන්ති කරුණාරත්න
- රශිනි රාජසූරිය මිතුරිය
- රුක්සලා මිතුරිය
ඇතුලු සැමට සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතු වේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.