දානයන් අතර අග්‍ර දානය වූ ධර්ම දාන පින්කමක් අවශ්‍ය මොහොතක වස් සමය ආරම්භයේදී “ශ්‍රී දේවරක්කිතාරාම විහාරස්ථානය” වෙත සිදුකර ගැනීමට “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළට වාසනාව උදා විය. නිරන්තරයෙන් පින්කම් මාලාවන් හා ශීල වැඩසටහන් සිදුවන මෙම විහාරස්ථානයේ දැනට ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක් නොමැති වීම උග්‍ර ගැටලුවක් වී පැවති අතර, ඉතා දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන මෙම වාසලකෝට්ටේ ගම්වාසීන් හට ද මෙය ලබා දීම ඉතා අසීරු වී පැවතින. ගම් දනව් සිසාරා ගමන් කරන “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල මෙම විහාරයේ මෙම අඩුපාඩුව දුරලමින් හුදී ජනයා හට ශ්‍රද්ධා ජනිත සිත් ඇති කරමින් බුද්ධාලම්භණ ප්‍රීතිය චිත්ත සන්තානයේ ජනිත වීම පිණිස නිරන්තරයෙන් ධර්මය මනාව සුවසේ ශ්‍රවණය කිරීමට උපකාරී වන, රුපියල් හැත්තෑදහසක පමණ වටිනා අංගසම්පූර්ණ ශබ්ද විකාශන යන්ත්‍ර පූජාවක් සිදුකර ගැනීමට ලැබීම භාග්‍යකි. දිවා රාත්‍රී පින් වැඩෙන මෙම පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලය ගැනීම පිණිස මූල්‍යමය දායකත්වය ලබා දුන්,
- හසිත කේශාන් මිතුරාටද, එම මිතුරාගේ පවුලේ සැමටද, අසංක මද්දුමආරච්චි මිතුරාටද,
- මේ සඳහා අපරිමිත කැපවීමෙන් ශ්‍රම දායකත්වය දැරූ.. උජිත්, නුවන්, චතුරංග, මල්කි, ඇතුලු පිරිසටද ,
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද, පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතූවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.