ථේරවාදී භික්ෂූන් වහන්සේලා උදෙසා ප්‍රතිපත්ති සහිතවම පරියාප්තිය උගන්වන බෞද්ධ මධ්‍යස්ථානයක් සැකසීම පිණිස ශ්‍රම දායකත්වය ලබා දීමට ලැබීම “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල ලැබූ භාග්‍යකි. මෙහිදී ධර්ම ශාලා, කුටි සෙනසුන්, ගබඩා කාමර හා බෞද්ධ මධ්‍යස්ථානයට අදාළ සියලු අංග සැකසීම පිණිස හැකි අයුරින් ශ්‍රම දායකත්වය ලබාදීම සිදුවිය. මේ සියල්ලම ඒකාන්තයෙන්ම ශාසනයේ අභිවෘද්ධියට උදෙසා පරියාප්ති සාසනයට, ප්‍රතිපත්ති සාසනයට, ප්‍රතිවේධ සාසන උන්නතියට හේතු වන මහා පින්කමකි.
මෙම පින්කම් අවසානයේ සිවි දිගින් වඩින ආර්ය මහා සඝරුවන වෙත පැන් පහසු වීම පිණිස නාන තොටුපලක් සැකසීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම සිදුකළ අතර, මෙය සම්බන්ධ වූ සැමට සදා අමතක නොවන දුර්ලහ පින්කමක් විය. දිනය පුරා අප්‍රමාණ කැපවීමෙන් ශ්‍රම දායකත්වය ලබා දී කළුවරගස්වැව ප්‍රදේශයේ ඉදි වන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයත් නාන තොටුපලත් සැකසීම පිණිස සම්බන්ධවීමෙන් රැස් කර ගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සඳහා සම්බන්ධීකරණය කළ පින්වත් අරියවිමල ස්වාමීන් වහන්සේට ද ආහාරපාන සහ බස් වියදම් දරමින් මේ සඳහා සම්බන්ධ වූ
- තුසිත රාජපක්ෂ අයියාට ද,
- සමීර තිලකසිරි අයියාට ද,
- සුමුදු පෙරේරා මිතුරියට ද,
කාය පූජාවෙන් සම්බන්ධ වූ ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැල ඇතුලු සැමට ද සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතු වේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.