දහසක් විහාරස්ථාන ගොඩනගා “සසුන් කෙත අස්වද්දමු” තේමාව යටතේ අප නිරන්තරයෙන් කාය පූජාවෙන් පින්කම් කළ ද මෙවර අපට ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී සීල වැඩසටහනක් දිද්දෙණිය ආරණ්‍යයේදී සිදු කිරීමට හැකිවිය. ඉතින් සෑම දිනම අසිරිමත් පින්කම් සිදුකරන අප මිතුරු කැල හට ඉතාමත් අනුකම්පාවෙන් දස ශිලයක සමාදන් කර, ධර්ම දේශනාවන් සිදුකර, ධර්ම කාරණා කියා දී , සවස භාවනා වැඩසටහනක්ද සිදුකරන ලදී.
දිනය පුරාම ප්‍රතිපත්ති පූජාවේන් රැස්කරගත්තාවූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම සිල් වැඩසටහන සංවිධානය කර දුන් දිද්දෙණිය ආරණ්‍යයේ ලොකු ස්වාමින් වහන්සේටද, ගාල්ලේ ස්වාමින් වහන්සේටද, ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද ,මේ සදහා දහවල්, උදෑසන දානය ලබා දුන් සියලු දෙනාටද, ප්‍රවාහන පහසුකම් සලසා දුන් සියලු දෙනාටද, ශීල වැඩසටහනට සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල ඇතුලු සැමටද, සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතු වේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.