පිළිවෙත් පුරන මහා සංඝරත්නය වෙනුවෙන් ප්රත්යයන්ගෙන් උපකාර කරමින් නිවන් මාර්ගය පරිපූර්ණ ලෙස වැඩීමට උන්වහන්සේලාට අපගේ කාය ද්වාරයෙන්, මනෝ ද්වාරයෙන්, වචී ද්වාරයෙන් උපකාර කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , තවත් භාග්‍යයක් වන්නේ ස්වාමින් වහන්සේලාට පරිපූර්ණ ලෙසම ප්‍රතිපත්ති පූජාවේ ගමන් කිරීමට ලැබෙන වටිනාම කාලය වූ වස්සාන සමයක ස්වාමීන්වහන්සේලාගේ සක්මන් භාවනාව සිදුකිරීම සඳහා උපකාරී වන සක්මන් මලුවක් සකසා පූජා කිරීමට අපට හැකි වීමයි.බටුවන්හේන සෙනසුනේ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල අභිනවයෙන් ඉදිකල කුටි සෙනසුන පූජා කළ දිනම අපගේ දෑතින්ම සක්මන් මලුවක් සකසා පූජා කිරීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද,..
කැලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සඳහා මනාව සකස් කළ සක්මන් මලු භාවනා කටයුතු දියුණු කරගැනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ. අතීතයේ රහතන් වහන්සේලා බහුල වශයෙන් බවුන් වැඩීමේදී භාවිතා කරමින් අඛන්ඩ චිත්ත ඒකාග්‍රතාවක් පවත්වා ගැනීමට හේතු වූ මෙම සක්මන් භාවනාව අතීතයේ “විතර්ක භාවනාව” ලෙසද හදුන්වා ඇත. සිහිය පවත්වා ගනිමින් දහම් කාරනා නැවත නැවත ආවර්ජනය කිරීමට ද මෙම සක්මන මනාව උපකාරී වේ. භාවනාව ප්‍රගුණ කර වැඩි හිටි ස්වාමින් වහන්සේලා උදෙසා දිගින් වැඩි මෙම “මහාථේර සක්මන් මලුව” වඩාත් උපකාරී වන අතර, භාවනාවට ආධුනික යෝගාවචරයන් වහන්සේලා බොහෝ වේලාවට භාවිතා කරනුයේ සාමාන්‍ය සක්මන් මලු වේ. ඒ දිගන් වැඩි වීම චිත්ත ඒකාග්‍රතාව බොහෝ වේලාවක් පවත්වා ගැනීමට ආගන්තුක හිමිවරුන් හට අපහසු වීමයි.
දිනය පුරා වෙහෙස මහන්සි වී භූමිය පවිත්‍ර කර මනාව භූමිය සකසා, මුල් ඉවත් කර , සමතලා කර සිමෙන්ති යොදා මනාව සක්මන් මලුව සැකසූවෙමු. දුර බැහැර සිට වැලි , සිමෙන්ති , ගල් ගෙනවිත් බුදුගුණ සිහිකරමින්ම ශ්‍රම පූජා සිදුකළෙමු. අවසානයේ සියලු කටයුතු සාර්ථකව නිම කර ආසනයක් ද සහිතව සක්මන් මලුව සකසා සඝ රුවනට පූජා කළෙමු. මෙයට සමගාමීව රුක්රෝපණ ,භාවනා ආසන සැකසීම්, කුටි පූජා කිරීම්, ගරු භාණ්ඩ පූජා කිරීම්, ආදී අනේකවිද පින්කම් මාලාවන් රාශියක් සිදුකර ගැනීමට අපට හැකිවිය.ගම් දනව් සිසාරා සැරිසරමින් ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැල විසින් ශ්‍රම පූජාවෙන් සකස් කළ මෙම සක්මන් මලුව සැකසීමෙන් හා අනේක විද පින්කම් මාලාවෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු දෑ සම්බන්ධ කරදෙමින් මෙහි මූලිකත්වය ගත්
- කල්‍යාණි වික් (Kalyani Wick )අක්කා ඇතුලු එම පවුලේ සියලු පිරිසටද
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද , එමෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද , පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.