මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධිකොටුව ග්‍රාම නිලධාරී වසම සහ මාඋස්සාගොල්ල ග්‍රාම නිලධාරී වසම් දෙක යාබදව පිහිටා ඇති බඹරකිරිඇල්ල ඔය හරහා දැනට වදකහමඩ, මාඋස්සාගොල්ල, යන ගම්මාන දෙකක ඍජු ලෙස ද වක්‍රව තවත් ගම් 03ක් පමණ ද ජීවත් වන ගම් වාසීන් මාතලේ ඉලුක්කුඹුර ප්‍රධාන මාර්ගයට පැමිණෙන්නේ මෙම ගඟ තරණය කොටගෙනය. එසේම වැසි කාලවල දරුවන් මෙන්ම කුලී වැඩ කරනා මිනිසුන් පවා ගඟ හරහා පැමිණීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. බොහෝ කලකට පෙර එවකට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඉදිකළ හෙල්ලෙන පාලම ද දිරාපත්ව සම්පූර්ණයෙන් විනාශව ගොස් ඇත. පසුව කේබලයක් පමණක් දමා ගඟ තරණය කළ ද පසුගිය වර්ෂාවට එයද කඩාගෙන ගොසිනි. ගොවිතැනෙන් යැපෙන මිනිසුන් තම වී අස්වැන්න පවා කරතබාගෙන එන්නේ මෙම ගඟ හරහාය. ප්‍රදේශයේ අයෙකුගෙ මිනී පෙට්ටිය පවා ගෙන යන්නේ මෙය හරහායි. දැනට පාලමක් නොමැතිකමින් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති අතර ඔවුන්ගේ එකම ඉල්ලීම පයින් ගමන් කළ හැකි පාලමක් සකසා දෙන ලෙසයි. ඉතින් එම අඩුපාඩුව දුරලමින් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල අදහස් කරා මෙම ගම්මානයේ මිනිසුන් 200 කට පමණ පරිහරණය කළ හැකි පරිදි අඩි 35ක දිගකින් සහ අඩි 03ක පළලකින් යුක්ත ක්‍රමවත් පාලමක් තනවා දීමට.
මෙම පාලම තැනීම තුළින් ස්වාමීන් වහන්සේලාට සුවසේ මෙම ගම්මානය වෙත ගොස් පිණ්ඩපාතය කර ගැනීමටත් මෙම මිනිසුන් හට පිනක් රැස්කරගැනීමේ ද දුර්ලභ අවස්ථාව උදා වීම ද මෙයින් වන තවත් යහපතකි.
මේ පිලිබද මුහුණු පොත ඔස්සේ දැනුවත් කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ලැබූ රු 140 000 ක මුදල යොදවා මෙහි මූලික වැඩ ආරම්භ කරන ලදී, දැනට මේ සදහා මූල්‍ය දායකත්වය දැරූ සැමට පුණ්‍යානුමෝදනා කරන අතර පූජ්‍ය මාකෙහෙල්වල ලක්ඛණ ස්වාමින්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සැකසෙන මෙම පාලම සඳහා ඇස්තමේන්තු මුදල ලක්ෂ 05ක් පමණ වන අතර මේ සඳහා පින්කැමති ඔබ සැමට ද දායකත්වය දරා දිවා රෑ පින් වැඩෙන අසිරිමත් පින්කමට සම්බන්ධ විය හැක.
දායකත්වය සඳහා..
- නම :- පූජ්‍ය මාකෙහෙල්වල ලක්ඛණ ස්වාමින්වහන්සේ
- බැංකුව :- කොමර්ෂල් බැංකුව
- ගිණුම් අංකය:- 8003345180
- ශාඛාව :- මාතලේ
වැඩි විස්තර සඳහා ඇමතීම්..
- ඉසුරු – 0715945477
Leave a Reply
Your email is safe with us.