පුලින පූජක ථෙරාපදානය…
’’බබලන්නාවූ කුඹුක් ගසක් වැනිවූද, ශ්‍රේෂ්ඨ ආජානීයයෙකු මෙන්වූද, ඕසධි තාරකාව මෙන් දිලිසෙන බබලන්නාවූ, නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දිටිමි.
’’(දැක) මම ශාස්තෲන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි. බුදුරජුන්ට පැසසීමි. ස්වකීය පුණ්‍ය කර්මයෙන් සතුටුවූයේ, පිරිසිදු වැලි ගෙන ඔඩොක්කුවෙහි ලා ගෙන ගොස් විපස්සී බුදුරජුන් වැඩිය මගෙහි දැමීමි.
’’ඉක්බිති පැහැදි සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දවල් කල වෙසෙන දිවා විහාරස්ථානයෙහි තාදී ගුණ ඇති තථාගතයන් වහන්සේට පූජාවක් ලෙස ඉසීමි.
’’මින් එක් එක් අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම්ද. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වැලි ඉසීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුලිනපූජකත්ථෙරස්සාපදානං දුතියං.
(ඛුද්දකනිකායෙ-ථෙරාපදානය(පඨමො භාගො)
උම්මා පුප්ඵිය වග්ග)
ඉතින් අපද ඉතාම පහන් සිතින් යුතුම අම්පේගම විහාරස්තානයේ බෝ මලුවේ සහ ස්තූප මලුවේ වැලි අතුරන ලදී, සවස් කාලයේ සිට ඉතාම ශ්‍රද්ධවෙන් යුතුව රාත්‍රීය වන තෙක්ම වර්ශාවේ පවා මෙම අසිරිමත් පින්කම සිදුකිරීම හිතට අප්‍රමාන ප්‍රීතියක් ගෙන දෙන කරුණකී..අපගේ හිස් මතින් මෙලෙස වැලි කොට්ට කර තබා ගෙන එන සෑම විටම අප බුදු ගුණ සිහිකරමින්ම මෙය සිදු කලෙමු.
ස්තූප මලුව බෝ මලුව අමදා,තනකොල ඉවත් කර , වල ගොඩැලි සකසා මනාව වැලි ඇතිරීමේ පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ වැලි සදහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත් සුරත් ගුණ්වර්ධන මිතුරාටද , කසුන් ,ජයනිකා ඇතුලු පිරිසටද ,මෙහි සම්බන්දීකරනය කල පින්වතු රුසිරු මල්ලී ඇතුලු අම්පේගම මිතුරු පිරිසටද
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද ,එමෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද , පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.