සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහා ය. ලක්ෂ හතක වියදමකින් මනරම් ලෙස අංගසම්පූර්ණව ” මීගලෑව ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සෙනසුනේ ” කුටියක් ඉදිකරවා ගරු භාණ්ඩ සහිතව සිව් දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට අප සැමට පසුගිය දිනක වාසනාව උදාවිය. මෙම අසිරිමත් කුටි සෙනසුන් පූජාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූලිකත්වය ගත්,
- කාවින්ද අයියා හා රුචිරා අක්කාට ඇතුළු එම පවුලේ සියලු දෙනාටම ද, එමෙන්මසෙසු දායකත්වය දැරූදනුශ්ක පීරිස් මිතුරාටද
- හසිත කේශාන් මිතුරාට ඇතුලු එම මිතුරු පිරිසටද
- ලලීන්ද හීන්කෙන්ද සහ හංසනී ගුණරත්න මිතුරන්ටද
- දිනිති පීරිස් අක්කාටද
- රුක්ශිනී අක්කාටද
- ජනක පීරිස් අයියාටද
- එවන් අයියාටද
- තන්යා මිතුරියටද
- චානක මිතුරාටද
- කටාර් මිතුරු පිරිසටද
- හංසි මිතුරියට ද ,
- හේමා වීරකෝන් අක්කාටද
- සමන් කුමාර මිතුරාටද ,
- කසුන් මිතුරාටද
- ලක්මාලි ජයසේකර
- මහේශා අක්කාටද
- දුශ්‍යන්ත මිතුරාටද
- ඉන්දුරුව රවින්ද්‍ර මිතුරාටද
- කල්හාරි ම්තුරියටද
ඇතුලු පින් කැමති සියල්ලන් හටද ගරු භාණ්ඩ සියල්ලම පූජා කරනු ලැබූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට ද,
මෙම කුටියේ වැඩ නිමකිරීම පිණිස දවස් ගනනක් ශ්‍රම දායකත්වය දැරූ සසික හර්ශන මිතුරාටද , එම සෙනසුනේ ස්වාමින් වහන්සේටද ඇතුලු පින්කැමති සියල්ලන්ටම මේ පින් අනුමෝදන් කරන්නෙමු. සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා ! තෙරුවන් සරණයි ! නමෝබුද්ධාය !
කුටි පූජාවේ ආනිශංස
- නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.(නළකුටි දායක ථෙරාපදානය https://pitaka.lk/main?n=47179)
- නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.(නළාගාරික ථෙරාපදානය https://pitaka.lk/main?n=46445)
- තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,
- තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.
- උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.
- බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.
- සිංහ, ව්යාඝ්ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.
- සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.(තිණකුටිදායක ථෙරාපදානය https://pitaka.lk/main?n=46437)
- අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා.
- ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.(කිංදද සූත්‍රය https://pitaka.lk/main?n=211050)
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.