මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදිවු රජරටේ වන වදුලින් ආවරණය වූ රක්ෂිත වනාන්තර වලින් මුල් තැනක් රිටිගල වන පියසට හිමිවෙයි. සොබාදහමට ප්‍රිය කරන ඕනෑම කෙනෙකුගේ සිත පිනා යන අපූරු සුන්දරත්වයක් මේ තුළ ඇත. ලංකාවේ ප්‍රථම රහතන් වහන්සේ වන අරිට්ඨ රහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා සිය දහස් ගණනින් වැඩ සිටි රිටිගල වන අරණේ පිහිටියාවූ මනරම් දිය ඇලි , දිය කඩිති , තුරුලතා වලින් සපිරි අතිශයින්ම රමණීය සෙනසුනකි “රිටිගල ආඩියකන්ද ආරණ්‍ය සේනාසනය” ඉතින් මුලු රටම අද වසංගත රෝගයකට හසු වී මුලු රටේම වැඩ කටයුතු සියල්ල අඩපණ වී ඇති මොහොතක, රිටිගල ආඩියාකන්ද ආරණ්‍ය සේනාසනයේ උග්‍ර ගැටලුවන් වී පවතින කුටි අඩුපාඩුව දුරලමින් ස්වාමින් වහන්සේලාට වැඩ සිටීමට හැකි කුටියක් ගල් ලෙනකම සැකසීම අප ආරම්භ කළ අතර, මේ වන විට එම කුටියේ වැඩ අවසන් වෙමින් පවතී.
මාස ගණනාවක් පුරාවට මෙම කුටිය සැකසීම පිණිස මහන්සිවෙමින් ලක්ෂ 4කට අධික මූල්‍ය වියදමක් දැරූ අමිල ප්‍රියදර්ශන අයියාට ද , දිවා රෑ මහන්සිවෙමින් මෙම කුටියේ වැඩ කටයුතු නිමා කිරීම සඳහා නිරතුරු කැපවෙන සුපුන් , සමීර , ඩිලාන්, අසේල, රසික, අමිල ඇතුලු සියලු මිතුරන්ට ද ,
එමෙන්ම මෙම පින්කම සම්බන්ධීකරණය කරදුන් සියලු පිරිසට ද , කුටිය සැකසීමට සම්බන්ධ වූ සියලු දෙනාට ද , අප්‍රමාණ කැපවීමෙන් මෙය සාර්ථක කර ගැනීමට උරදුන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , රිටිගල ආරණ්‍යයේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද , ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර, සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
කුටි පූජාවේ ආනිශංස
නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.
(නළකුටි දායක ථෙරාපදානය https://pitaka.lk/main?n=47179)
නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.
(නළාගාරික ථෙරාපදානය https://pitaka.lk/main?n=46445)
තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,
- තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.
- උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.
- බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.
- සිංහ, ව්යාඝ්ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.
- සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.
(තිණකුටිදායක ථෙරාපදානය https://pitaka.lk/main?n=46437)
අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා. ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
(කිංදද සූත්‍රය https://pitaka.lk/main?n=211050)
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.