කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම සිව් බුදුරජාණන් වහන්සේලාගේ පහස ලත් කෝටි ලක්ෂයක් සක්වල තුළ ඉදිවූ එකම මහා සෑය උදෙසා අපගේ අතින්ම සුගත චීවරයක් විනයානුකූලව පඬු පොවා පූජා කිරීමට අපට හැකි වූවා.
මේ සුගත චීවරය ඒකාන්තයෙන්ම අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ම පූජා වේවා !
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් රන්වැලි සෑ රජුන් උදෙසා ම පූජාම වේවා !
දිනය පුරා රන්වැලි සෑ රජුන් වන්දනා කරමින් සෑ රදුන් උදෙසා සුගත චීවරයක් පඬු පොවා පූජා කර ගැනීමෙන් රැස්කරගත්තාවූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සංවිධානය කළ මිලාන් මල්ලි , රුසිරු මල්ලි ඇතුළු සියලු පිරිසට ද ,
මේ සඳහා උපකාර කළ ගම්පහ අමතරතන සෙනසුනේ අමිත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද , හර්ෂ අයියා ඇතුළු සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද ,
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද ,එමෙන්ම මේ සඳහා පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.