දහසක් විහාරස්ථාන ගොඩනගා ” සසුන් කෙත අස්වද්දමු ” තේමාව යටතේ අප නිරන්තරයෙන් කාය පූජාවෙන් පින්කම් කළ ද මෙවර අපට ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී සීල වැඩසටහනක් මීතිරිගල ආරණ්‍යයේදී සිදු කිරීමට හැකිවිය. ඉතින් සෑම දිනම අසිරිමත් පින්කම් සිදුකරන අප මිතුරු කැල හට ඉතාමත් අනුකම්පාවෙන් උපෝසථ ශීලයක සමාදන් කර, ධර්ම දේශනාවන් සිදුකර, ධර්ම කාරණා කියා දී , භාවනා වැඩසටහනක් ද සිදුකරන ලදී. දින දෙකක් පුරාම ප්‍රතිපත්ති පූජාවෙන් රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම සිල් වැඩසටහන සංවිධානය කර දුන් මීතිරිගල නිස්සරණ වන ආරණ්‍යයේ ලොකු ස්වාමීන් වහන්සේ උඩු ඊරිය දම්මජීව ස්වාමින් වහන්සේටද , දම්ම සුසීල ස්වාමින් වහන්සේටද , ඇතුලු සියලු ස්වාමීන් වහන්සේලාට ද , මේ සඳහා දහවල්, උදෑසන දානය ලබා දුන් සියලු දෙනාටද , ප්‍රවාහන පහසුකම් සලසා දුන් සියලු දෙනාට ද ශීල වැඩසටහනට සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල ඇතුලු සැමට ද , සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතු වේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.