ලොවම කොරෝනා වසංගතයෙන් ගිලගෙන ඇති අවස්ථාවක හදිසියේම අම්බලන්ගොඩ ගල්දූව යෝගාශ්‍රමයේ අද දින ස්වාමින් වහන්සේලාගේ දාන අඩුපාඩුව දුරලමින් ස්වාමින් වහන්සේලා 80 නමක් විෂයෙහි දානය පූජා කරමින් අපට අතිශය දුර්ලභ පින්කමක් අසිරිමත් ලෙස සිදුකර ගැනීමට හැකි වූවා.
සතියක් වැනි ඉතා කෙටි කලක් තුළ ස්වාමීන් වහන්සේලාගේ උදෑසන දානය සහ දහවල් දානය මනාව සංවිධානය කරමින් ඉතා ශ්‍රද්ධාවෙන් අද දින අපගේ අතින්ම මෙම අසිරිමත් දානය පූජා කර ගැනීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද ,
❊ අෂ්ඨපරිෂ්කාර ආදී කොට ගත් සියලු පිරිකර පූජාවන් ද පූජා කරමින්,
❊ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරමින්,
❊ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින්,
❊ ධර්ම ශ්‍රවණය කරමින්,
❊ ස්වාමින් වහන්සේලාට බෙහෙත් ද්‍රව්‍ය පූජා කරමින්
රැස් කර ගත්තා වූ අපිරිමිත සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සම්බන්ධීකරණය කරදුන් ධම්මික , අමිල , ඇතුළු සියලු පිරිසට මෙන්ම අප්‍රමාණ කැපවීමෙන් මෙය සාර්ථක කර ගැනීමට උර දුන් උජිත් , නුවන් , දර්ශන ඇතුළු සියලු පිරිසට ද , උදෑසන සහ දහවල් දානයන් සඳහා ද පිරිකර හා බෙහෙත් ද්‍රව්‍ය සඳහා ද මුදල් පූජාවන් හා ද්‍රව්‍යමය පූජාවන් සිදුකළ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , අපමණ කැප වීමෙන් කාය පූජාවෙන් දානමය පින්කමට සම්බන්ධ වූ සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද , පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු යෝගාශ්‍රම සංස්ථාවේ සියලු ස්වාමීන් වහන්සේලාට ද ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
මේ දානයේ ඉතාම විශේෂත්වය වන්නේ මගහැරුණු දානයක් වීම ,දුර්භික්ෂ අවස්ථාවක් වීම,වස් තුන් මාසය අවසන්වීමට පෙර දන් පැන් පූජාකරගන්නට හැකිවීමයි. එවැනි අවස්ථාවක් ජීවිත කාලයේදී යළිත් උදානොවනු ඇත…..
පිණ්ඩපාත දානය පූජා කිරීමේ පුණ්‍ය විපාක
“ඒක පිණ්ඩපාත දායිකා” තෙරණින් වහන්සේ එක් භවයක දී පිණ්ඩපාත දානයක් පූජා කර තිබුණි.
අතීත භවයන් වල දී බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් නිවන් දකින්නට බොහෝ පින්කම් රැස්කර ගනිමින් ආ මෙම තෙරණින් වහන්සේ බන්ධුමතී නුවර උපත ලැබුවා ය. තරුණ වයසේ දී එහි සිටි බන්‍ධුමත් නම් රජුගේ බිරිඳ වූවා ය. හැම සම්පතක්ම විඳිමින් සිටිය දී මෙතුමිය දිනක් මෙසේ කල්පනා කළා ය.
” මම මැරෙන විට මොනවද රැගෙන යන්නේ ? මා කරගත් පින්කමක් ද නැත. මරණින් පසු මා බිහිසුණු , කටුක දරුණු නිරයට වැටෙන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. ඒ නිසාම රජු ළඟට ගොස් දානයක් දෙන්නට අවසර ගන්න ඕනෑ.”
මෙසේ සිතා මෙතුමිය රජුව මුණගැසී දානයක් දෙන්නට එක භික්ෂුවක් ලබාදෙන්න කියා රජුගෙන් අවසර ඉල්ලීය. රජතුමා අවසර දුන්නේය. නැවත මාළිගාවට ආ මෙතුමිය ප්‍රණීත ආහාරපාන සුවඳ විලවුන් සමඟ වටිනා සළුපිළි ද මේ හැම පූජාවක් සමග මහා පිණ්ඩපාත දානයක් දුන්නේ ය. ඉන්පසු හැම මොහොතකදීම මෙතුමිය සිතුවේ එම මහා දානය ගැනයි. මරණින් පසු උපත ලැබුවේ තවුතිසා දෙවුලොවයි.
විටින් විට දෙවුලොව නැවත උපත ලබන විට දී දෙවිවරු තිහකට අග මෙහෙසිය විය. හැම තැනකදීම ඇය සිතන සිතන ප්‍රර්ථනා ඉෂ්ට විය.
ඉන්පසු විවිධ අවස්ථාවල දී සක්විති රජවරු විස්සකට අග මෙහෙසිය වූවා ය. මීට කල්ප අනූවකට පෙර දුන් ඒ මහා දානයේ ප්‍රතිඵල ලෙස දෙව්ලොව මිනිස් ලොව උපත ලැබූ මෙතුමිය අවසානයෙහි අප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි මිනිස් ලොව උපත ලබා තරුණ වයසේදී පැවිදි වූවාය.
ටික දිනකින්ම විදර්ශනා වඩා රහත් වූ මෙම තෙරණින් වහන්සේ එක් දිනක් අතීත භවයන් බලමින් අතීතයේ කළ මේ මහා පින්කම ගැන දේශනා කළාය.
– (අපදාන කථා, ඒක පිණ්ඩපාත දායිකා ථෙරාපදානය)
සාදු සාදු සාදු !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.