ක්‍රි.ව. 249 සිට ක්‍රි.ව. 263 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකාව පාලනය කළේ ගෝඨාභය රජුය. මේඝවානභය, ගොතකාභය සහ ගොලුබා යන නම් වලින් ද, මෙම රජු හඳුන්වයි. ඔහුගේ පාලන සමයේ දී පන්සල් හා ආරාම කිහිපයක් ප්‍රතිසංස්කරණය කර නව විහාරස්ථානයන් ද ඉදිකර ඇත. විජය කුමාර රජුගෙන් සිංහාසනය අල්ලාගෙන රට පාලනය කළ මිතුරන් තිදෙනාගෙන් අන්තිමයා ඔහු ය. ඔහු ථේරවාදයට පරස්පර විරෝධී ඉගැන්වීම් අනුගමනය කළ බෞද්ධ භික්ෂූන් 60 දෙනෙකු පිටුවහල් කිරීම හා ථේරවාදී ත්‍රිපිටකය රැකීම පිණිස කැප වූ රජ කෙනෙකි.
රුහුණු රට ගණේගොඩ පුරාණ රජමහා විහාරයේ ඉපැරැණි සෑ රජුන් සර්වඥ ධාතු නිදන් කර තනවා ඇත්තේ මෙම ගෝඨාභය රජු විසින් ය.
ඉතින් පෙර සසරේ සිදුකළ අති උත්තම පිනකට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ද , අරහත් ධාතූන් වහන්සේලා ද වැඩ වසන ගණේගොඩ පුරාණ පුරාණ විහාරස්ථ ස්ථූපය මනාව පිරිසිදු කරමින් , පිළිසතර කරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව හුණු ආලේප කිරීමේ දුර්ලභ අවස්ථාව අප සැමට පසුගිය දිනක උදා විය. අධික වර්ෂා කාලයක වුව ද අප සෑමවිටම මහරහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් ම මෙම වර්ෂාවට අපගේ වීර්ය හීන වන්නට නොදී මෙම අසිරිමත් පින්කම අප සැම එක්වී සිදු කරන ලදී. ජීවිත කාලයේදී ම අපට බුදුරජාණන් වහන්සේට, මහරහතන් වහන්සේලාට මෙතරම් උපස්ථානයක් සිදුකර ගැනීමට නැවතත් අවස්ථාවක් උදාවේ යැයි සිතිය නොහැක. ඉතින් ඉතාම ශ්‍රද්ධාවෙන් සිදුකළ මෙම අසිරිමත් තීන්ත ආලේප කිරීමේ පුණ්‍ය කර්මයෙන් රැස් වූ පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූල්‍ය දායකත්වය දැරූ..
- තිලිණිකා ජයසූරිය අක්කාටද ,
- අකිල ජයසූරිය අයියාටත් ,
- ලියෝන් පුංචි පුතුටත් ,
- මව්පියන් ඇතුලු පවුලේ සැමට ද ,
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙන සියලු දෙනාට ද , ආහාර පාන ලබා දුන් සියලු දෙනාට ද , මෙම පින්කම සම්බන්ධීකරණය කර දුන් දම්මික ,ඉන්දික අයියාට ඇතුළු කල්‍යාණ මිතුරන්ට ද , අප්‍රතිහත කැපවීමකින් කාය පූජාවෙන් සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද සෙනසුනේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන සාරද ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතු වේවා !
චෛත්‍ය එළිකිරීමේ අනුසස්.
- පහංකර තෙරුන් වහන්සේගේ කතා පුවතින්,
බුදුරදුන් කල විසූ මහ රහතන් වහන්සේලාගෙන් කෙනෙකු වන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කපෙක මිනිස් ලොව ඉපිද වන කාර්මිකයෙක් වූහ.
දිනක් ඒ වන කාර්මිකයා වනයෙහි ඇවිදින විට කිසිවකුට ලංවිය නොහෙන තරමට වල් වලින් වැසුණු චෛත්‍යයක් දුටුවේය. එය පදුමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි.
එය දැක වන කාර්මිකයා “චෛත්‍යය කෙරෙහි ගරු සිත් උපදවා බුදුගුණ දන්නා වූ මාහට මේ චෛත්‍යය එළි නොකොට අනිත් කටයුත්තක යෙදීම නුසුදුසුය” යයි සිතා තමා ගිය කාරිය නවත්වා අකුල් කපා ගස්වැල් කපා ඉවත් කොට සෑය අවට තණ ඉවත් කොට බිම පිරිසිදු කොට අට තැනක හිඳ චෛත්‍යය වැඳ නික්ම ගියේය.
ඔහු ඒ පිනෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහුට එහි සැට යොදුන් උස තිස් යොදුන් පළල රන් විමනක් පහළ විය.
ඔහු කල්ප ලක්ෂයක් ඒ පිනෙන් දෙව් මිනිස් ලොව දෙගතියෙහි අනේකාකාරයෙන් සැප විඳ අන්තිම වර මිනිස් ලොව ඉපද අප බුදුසස්නෙහි පැවිදිව සව්කෙලෙසුන් නසා රහත් විය.
පහංකර යනු ඒ රහතන් වහන්සේගේ නම විය. උන්වහන්සේ විසින් ඒ පිනෙන් අතීතයේ ලත් ඵල මෙසේ ප්‍රකාශ කර තිබේ.
- “කුෂ්ඨ ගඩු සුදු කබර අපස්මාර අතුල් පතුල් පැලීමේ රෝගය දද ඇඟ කැසීමද යන මේ රෝග මට නැත. මෙය චෛත්‍ය එළි කිරීමේ ඵලය ය.”
“කුට්ඨං ගණ්ඩො කිලාසොච අපමාරො විතච්ඡිකා, දද්දු කච්ඡුච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං.”
- “බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මාගේ කයෙහි තල කැලැල් හටගත් බවක් නොදනිමි.”
“අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපස්ස සොධනෙ, නාභිජානාමි මෙ කායෙ ජාතං පිළක බින්දුකං.”
- “බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි ම සැරිසරමි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, ද්වෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ”
- “බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම සෑම භවයක ම රන්වන් ශරීර ඇත්තෙමි. ප්‍රහාවත් වෙමි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, සුවණ්ණවණ්ණො සබ්බත්ථ සප්පහාසො භාවාමහං.”
- “බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් අමනාප අප්‍රිය දෑ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රියමනාප දෑ මා කරා එළඹෙයි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, අමනාපං විවජ්ජති මනාපං උපතිට්ඨති.”
- “බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මාගේ සිත පිරිසිදු වෙයි. එකඟ වෙයි. මැනවින් සන්සිඳුනේ වෙයි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, විසුද්ධං හොති මෙ චිත්තං එකග්ගං සුසමාහිතං.”
- “බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මම ඒකාසනයෙහි හිඳ අර්හත්වයට පැමිණියෙමි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, එකාසනෙ නිසීදිත්වා අරහත්ටමපාපුණි.”
- “කල්ප ලක්ෂයකට පෙර යම් කර්මයක් කලෙමිද එදා සිට දුගතියක් නොදනිමි.”
“සතසහස්සිතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි සොධනාය ඉදං ඵලං.”
(පහංකරත්ථෙරාපදානයෙනි)
– අතිපූජ්‍ය රේණුකානේ චන්ද්‍රවිමල මහනායක ස්වාමින්වහන්සේ
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.