සම්බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැල පසුගිය වර්ෂයේ නකල්ස් දෙගංතුඩුව ලෙනගිරි ආරණ්‍යය සකසා සම්බුදු සසුනට පූජා කළ අතර මේ වර්ෂය වන විට එහි තවත් කුටියක් සකසා එහි පළමු කඨින පින්කම “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටම සිදුකිරීමට ලැබීම මොනතරම් දුර්ලභ වාසනාවක්ද,
මෙහි තවත් දුර්ලභ කාරණාවනම් විනයානූකූලව කඨින දුස්සය වඩමවා , චීවරය විනයානුකූලව ස්වභාවික අමුද්‍රව්‍ය යොදා පඬු පොවා, කඨින චීවරය පෙර වස් සමාදන් වූ ස්වාමින් වහන්සේලා වෙත පූජා කිරිමයි.
මෙම පින්කමේ තවත් විශේෂම කාරණාවනම් කඨින පින්කමට සමගාමීව එම සෙනසුනේ ඉදිකළ දෙවන කුටිය ආර්ය මහා සඝ රුවන සිහිකරමින් පූජා කිරීමට හැකිවීමයි,
ලක්ෂ 7 ක වියදමකින් මනරම් ලෙස අංගසම්පූර්ණව නකල්ස් දෙගංතුඩුව ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ කුටියක් ඉදිකරවා ගරු භාණ්ඩ සහිතව සිව් දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට අප සැමට ලැබීම මොනතරම් භාග්‍යක්ද ,
මෙම අසිරිමත් කුටි සෙනසුන් පූජාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූලිකත්වය ගත්,
- අසංක රාජපක්ෂ අයියා ඇතුළු එම පවුලේ සියලු දෙනාටම ද , එමෙන් ම සෙසු දායකත්වය දැරූ..
- තරිඳු සහ කෞෂල්‍යා යන දෙපළට ද ,
- යශෝදා නන්දමුණි මිතුරියට ද ,
ඇතුලු මෙම පින්කම සම්බන්ධීකරණය කරදුන් ලක්ෂාන් මල්ලී ඇතුළු සියලු පිරිසට මෙන්ම කුටිය සැකසීමට සම්බන්ධ වූ සියලු දෙනාට ද , අප්‍රමාණ කැපවීමෙන් මෙය සාර්ථක කර ගැනීමට උරදුන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , ගරු භාණ්ඩ පූජා කළ සියලු දෙනාට ද , කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේට ද , මාකෙහෙල්වල ලක්ඛණ ස්වාමින් වහන්සේට ද ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
කුටි පූජාවේ ආනිශංස
නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.
(නළකුටි දායක ථෙරාපදානය https://pitaka.lk/main?n=47179)
නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.
(නළාගාරික ථෙරාපදානය https://pitaka.lk/main?n=46445)
තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,
- තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.
- උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.
- බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.
- සිංහ, ව්යාඝ්ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.
- සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.
(තිණකුටිදායක ථෙරාපදානය https://pitaka.lk/main?n=46437)
අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා. ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
(කිංදද සූත්‍රය https://pitaka.lk/main?n=211050)
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.