මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධිකොටුව ග්‍රාම නිලධාරී වසම සහ මාඋස්සාගොල්ල ග්‍රාම නිලධාරී වසම් දෙක යාබදව පිහිටා ඇති බඹරකිරිඇල්ල ඔය හරහා දැනට වදකහමඩ, මාඋස්සාගොල්ල, යන ගම්මාන දෙකක ඍජු ලෙස ද , වක්‍රව තවත් ගම් 03ක පමණ ජීවත් වන ගම් වාසීන් මාතලේ ඉලුක්කුඹුර ප්‍රධාන මාර්ගයට පැමිණෙන්නේ මෙම ගඟ තරණය කොටගෙනය. එසේම වැසි කාලවල දරුවන් මෙන්ම කුලී වැඩ කරනා මිනිසුන් පවා ගඟ හරහා පැමිණීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. බොහෝ කලකට පෙර එවකට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඉදිකළ හෙල්ලෙන පාලම ද දිරාපත්ව සම්පූර්ණයෙන් විනාශව ගොස් ඇත. පසුව කේබලයක් පමණක් දමා ගඟ තරණය කළ ද පසුගිය වර්ෂාවට එයද කඩාගෙන ගොසිනි. ගොවිතැනෙන් යැපෙන මිනිසුන් තම වී අස්වැන්න පවා කරතබාගෙන එන්නේ මෙම ගඟ හරහාය. ප්‍රදේශයේ අයෙකුගේ මිනී පෙට්ටිය පවා ගෙන යන්නේ මෙය හරහායි. දැනට පාලමක් නොමැතිකමින් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති අතර ඔවුන්ගේ එකම ඉල්ලීම පයින් ගමන් කළ හැකි පාලමක් සකසා දෙන ලෙසයි. ඉතින් එම අඩුපාඩුව දුරලමින් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල අදහස් කරා මෙම ගම්මානයේ මිනිසුන් 200 කට පමණ පරිහරණය කළ හැකි පරිදි අඩි 65ක දිගකින් සහ අඩි හතරහමාරක පමණ පළලකින් යුක්ත ක්‍රමවත් පාලමක් තනවා දීමට.
මෙම පාලම තැනීම තුළින් ස්වාමීන් වහන්සේලාට සුවසේ මෙම ගම්මානය වෙත ගොස් පිණ්ඩපාතය කර ගැනීමටත්, මෙම මිනිසුන් හට පිනක් රැස්කරගැනීමට ද දුර්ලභ අවස්ථාවක් උදා වීම මෙයින් වන තවත් යහපතකි.
ගම් දනව් සිසාරා සැරිසරමින් ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැල විසින් සකස් කළ මෙම පාලම පූජාවෙන් හා අනේකවිද පින්කම් මාලාවෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සිදුකිරීම සඳහා අවශ්‍ය දෑ සම්බන්ධ කරදෙමින් මෙහි මූලිකත්වය ගත්,
- අසංක රාජපක්ෂ අයියාට ද ,
එමෙන්ම අනෙකුත් සෙසු මූල්‍යමය දායකත්වය දැරූ..
- මිලින්ද සේපාල
- කෞෂල්‍යා තරිඳු දෙපලට ද ,
- ඔසන්දි චිරන්තා
- චිරානි දිලීකා
- උදාරී සංඛපාලි
- හිරාන් කෞෂල්‍ය
- මෙත්තා සිල්වා
- මලල සූරිය සෝමා
- තිලංකා උමේෂ්
- කල්‍යාණි ෆර්ඩිනෑන්ඩ්
- රුචිරන්ද ලක්මාල්
- අනුරාධ ජයසිංහ
- අමල් බණ්ඩාර
- ඉන්දුකා උපමාලි
- කුමුදු හෙට්ටිආරච්චි
- තනුක ලසන්ත
- ගයත්‍රි කාංචනා
- සුසන්ත සහ ඉනෝකා දෙපල
- සුනේත්‍රා පල්පොල
- පුබුදු චතුරංග
- ප්‍රභාශ්වර ප්‍රේමරත්න
- මේධාවි ප්‍රමිලා
- පුෂ්පා මිස්
- ප්‍රශාන්ති ගුණසිංහ
- ශිරෝමා ගමගේ
- ඉසුරු ප්‍රසාද්
- කල්‍යාණි වික්
- චමින්ද නාගොල්ල
- දයා ප්‍රනාන්දු
- යශෝධා නන්දමුණි
- සුමුදු මල්වැන්න
ඇතුලු සියලු දෙනාට ද, මෙම පින්කම සම්බන්ධීකරණය කරදුන් ලක්ෂාන් මල්ලී ඇතුළු සියලු පිරිසට මෙන්ම අප්‍රමාණ කැපවීමෙන් මෙය සාර්ථක කර ගැනීමට උරදුන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , අප්‍රමාණ ලෙස සහයෝගය ලබා දුන් නම් සඳහන් කළ නොහැකි තරම් සම්බන්ධ වූ සියලු මිතුරන්ට ද , කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේට ද , මාකෙහෙල්වල ලක්ඛණ ස්වාමින් වහන්සේට ද ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද , ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
❐ පාලම් ඒ දඬු ඉදිකිරීමේ ආනිසංස.
───────────•••─────────────
- අනතුරු වලින් ආරක්ෂා වීම හෙවත් උපද්‍රව වලින් තොර වීම.
- සතුරන් මැඩලිය නොහැකි වීම.
- එළිමහනට ගිය ද දැඩි අව්වෙන් හෝ වර්ෂාවෙන් පීඩා ගෙන නොදීම.
- තම වස්තුව සොර සතුරන්ගෙන් ආරක්ෂා වීම.
- අන් අයගේ ප්‍රශංසා ලැබිය හැකි වීම.
- දෙව් මිනිස් දෙගතියෙහි සිතැඟි පරිදි යාන වාහන පහළ වීම.
- වේගයෙන් යා හැකි වාහන ලැබීම.
- නිවන් සම්පත් ලබා ගැනීමට හේතුවක් වීම.
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.