සම්බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල පසුගිය වර්ෂයේ නකල්ස් දෙගංතුඩුව ලෙනගිරි ආරණ්‍යය සකසා සම්බුදු සසුනට පූජා කළ අතර මේ වර්ෂය වන විට එහි තවත් කුටියක් සකසා එහි පළමු කඨින පින්කම “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටම සිදුකිරීමට ලැබීම මොනතරම් දුර්ලභ වාසනාවක්ද ,
මෙහි තවත් දුර්ලභ කාරණාවනම් විනයානූකූලව කඨින දුස්සය වඩමවා , චීවරය විනයානුකූලව ස්වභාවික අමුද්‍රව්‍ය යොදා පඬු පොවා, කඨින චීවරය පෙර වස් සමාදන් වූ ස්වාමින් වහන්සේලා වෙත පූජා කිරිමයි.
පඬු පෙවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,
- මහෝගනී හෝ කොස් පොතු
- සැවැන්දරා, අරළු
- පඬු ඔරුව
- විනයානූකූලව මසන ලද චීවරය
පඬුපොවන ආකාරය
────•••─────
- පළමුව මේ සඳහා (කොස් පොතු/මහෝගනී පොතු ) ඉතාමත් සිහින් ලෙස කොටා එම කොටාගත් මහෝගනී බොහෝ වෙලාවක් තම්බා ගැනීම සිදු කළ යුතුවේ.
- ඉන්පසු චීවරය මනාව ඔතා පඬු ඔරුවේ තැන්පත් කළ යුතුවේ.
- ඉන්පසු තම්බාගත් මහෝගනී දියර පෙරහන්කඩයකින් පෙරමින් මනාව චීවරය මතට දමන අතර ඒ කාලයේදීම චීවරය රෝල් කරමින් පඬු ඔරුවේ ඉදිරියට ගෙන ආ යුතුය.
- එලෙසම අනෙක් පස ද පඬු තවරමින් රෝල් කරමින් මනාව පඬු ගැසීම සිදුකළ යුතුවේ.
- ඉන්පසු එම චීවරය හොඳින් අව්වේ වේලා ගත යුතුවේ.
- චීවරය වේලා නිම වූ පසු නැවත ඉහත පරිදි 3 වතාවක් හෝ 4 වතාවක් හෝ පඬු ගැසිය යුතුවේ.
- මෙම පඬු ගැසීමේදී අප පඬු ඔරුව වෙනුවට භාජනයක් තුළ පඬු සකස් කර චීවරයට පඬු පෙවීම පත්තක් ආධාරයෙන් සිදුකරන ලදී.
- පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා කෘමි උවදුරු වලින් තොරව ඉතා සුවපහසු ලෙස නිවන් මග වඩමින් බොහෝ කාලයක් පරිශීලනය කිරීමට මෙම විනයානුකූලව අතීතයේ චාරිත්‍රානුකූලවම පඬු පොවන ලද චීවරයන් උපකාරී වනු නිසැකය.
මෙම අසිරිමත් කඨින පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම කඨින පින්කම නිවරදිව සිදුකරන ආකාරය කියා දෙමින් අපට පඬු පෙවීම සඳහා අනුශාසනා කළ කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේටද , මාකෙහෙල්වල ලක්ඛණ ස්වාමින් වහන්සේටද , අපමණ කැපවීමෙන් මේ සඳහා සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටද , ආහාරපානාදිය ලබාදෙමින් උපකාරකළ ලක්ෂාන් මල්ලි ඇතුලු ගම්වාසීන් සියලු දෙනාට ද , වචනයෙන් පවා උපකාරකළ සියලු පිරිසට ද , එමෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාට ද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා..!
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.