මහා ධම්මාධිකාරී, මහා අග්රධූතාංගධාරී, මහා තෘතීය ශ්‍රාවක, මහා සම්බුද්ධ ශාසන ආරක්ෂක අනුබුද්ධ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ හතකින් සමන්විත අපගේ බුදුරජාණන් වහන්සේගේ පාංශුකූල චීවරය පවා දරා වැඩසිටීමට තරම් පුණ්‍ය බලයක් හිමි උතුම් රහතන් වහන්සේ නමකි.
ඉතා සරල, අල්පේච්ඡ මෙන්ම හුදකලා, විවේකී , සැහැල්ලු දිවියක් ගතකළ මුන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දිවිපෙවෙත, බොහෝ විට, බොහෝ සෙයින් වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ අනාගත ශ්‍රාවක සඟ පරපුර කාශ්‍යප මහරහතුන්ගේ පැවිදි ජීවිතය ආදර්ශයට ගත යුතු බව ද නොයෙක් අවස්ථාවල මතක් කළ සේක.
අනුරාධපුර යුගයේ ලක්දිවට වැඩම කර වූ මහා කාශ්‍යප දළදා වහන්සේට දුටුගැමුණු මහ රජතුමා සොයුරු සද්ධාතිස්ස කුමරු ලවා සියලු අංගයන්ගෙන් සපිරි මහා විහාරයක් ඉදි කරවා දළදා වහන්සේ වැඩ හිඳුවා පුද පූජා පවත්වන ලදී. පසුව දඹදෙණිය යුගයේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු මහ රජතුමා ආරක්ෂාව පිණිස, තුන්ලොවහිම පවතින එකම කාශ්‍යප දළදා වහන්සේ මෙම “බෙන්තර ගලපාත ස්තූපය” තුළ නිදන් කොට දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට මග විවර කරන ලදී.
ඉතින් පෙර සසරේ සිදුකළ අති උත්තම පිනකට කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවමාන දළදා වහන්සේ වැඩ වසන මෙම සෑ රජුන් පිහිටි බෙන්තර ගලපාත විහාරය වෙත ත්‍රිපිටක පොත් වහන්සේලා, කබඩ් එකක් සහිතවම පූජා කිරීමට අපට හැකි විය.
මෙහි දැනට ස්වාමින් වහන්සේලා හත් නමක් පමණ වැඩ වාසය කරන අතර මෙහි උග්‍ර අඩුපාඩුවක් බවට පත් වී තිබූයේ මෙම ත්‍රිපිටක පොත් කට්ටලයන්ගේ හිඟයයි. ඉතින් එම අඩුපාඩුව සපුරාලමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුගුණ සජ්ඣායනා කරමින්ම ධර්ම දානය කිරීම පිණිස, එම විහාරස්ථානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත්, සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසාත්, උන් වහන්සේලා කළ ඉල්ලීම පරිදි අපට හමු වූ මෙම විහාරස්ථානයට කළ මේ ධර්ම දානය බෙහෙවින් මින් ඉදිරියට මහා සංඝරත්නයත්, සම්බුද්ධසාසනයටත් මහත් ප්‍රයෝජනවත් වන බව නිසැකවම කිව හැක. විහාරය වෙත පාගමනින් මුතු කුඩ තුළින් ත්‍රිපිටක පොත් වැඩම කරමින්, පූජා කරමින්, ගමේ සියලූ දෙනාට ද පින්කරගැනීමේ දුර්ලභ අවස්ථාව උදා කරමින් දිනය පුරා රැස්කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා එක් ලක්ෂ පනස් දහසක පමණ මුදලක් සම්බන්ධ කර දෙමින් ත්‍රිපිටක පොත් කට්ටලය ද එම ප්‍රවාහන පහසුකම් ද සලසා දෙමින් ඒ සදහා මූලිකත්වය ගෙන දායකත්වය සිදුකළ
වින්ද්‍යා විතානගේ අක්කා ඇතුලු එම පවුලේ සියලු දෙනාට ද ,
මෙම පින්කම සම්බන්ධීකරණය කරදුන් දයා සීතා අක්කා ඇතුළු සියලු පිරිසට මෙන්ම, අප්‍රමාණ කැපවීමෙන් මෙය සාර්ථක කර ගැනීමට උරදුන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , අප්‍රමාණ ලෙස සහයෝගය ලබා දුන් නම් සඳහන් කළ නොහැකි තරම් සම්බන්ධ වූ සියලු මිතුරන්ට ද , විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුලු සියලු ස්වාමීන් වහන්සේලාට ද , ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර, සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.