නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ උඩ මලුවේ වැලි ඇතිරීමේ පින්කම අවසානයේ, සවස් කාලයේ ශ්‍රී ශාක්‍යසිංහ ත්‍රිමූර්ති ප්‍රතිමාව සැකසීම පිණිස මංගල ශ්‍රමදානය සිදුකිරීමට අප කළණ මිතුරු පිරිසට හැකි වූවා. අධික වර්ෂාවේ වුවද බුදු ගුණ සිහිකරමින්ම මේ පින්කම අප සිදුකරණු ලැබුයේ පහන් සිතින්මයි.
මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද , විශේෂයෙන්ම මෙවැනි අසිරිමත් පින්කමක් සිදු කිරීමට අපට අවස්ථාව සලසා දෙමින් මෙම පින අවබෝධයෙන් සිදු කර ගැනීමට අපට අවවාද අනුශාසනා සිදුකර මෙයට මහඟු ලෙස උපකාර කළ අති පූජනීය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු නෙල්ලිගල පුදබිමේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලාට ද ,
ආහාර පාන සහ නවාතැන් පහසුකම් සලසා දුන් උපුල් මිතුරා, ගමන සඳහාම ප්‍රවාහන පහසුකම් සලසා දුන් චමීර එදිරිසිංහ අයියා ඇතුලු පවුලේ සැමට ද , සමීර මිතුරා ඇතුලු සියලු දෙනාට ද පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.