පුලින පූජක ථෙරාපදානය
’’බබලන්නාවූ කුඹුක් ගසක් වැනි වූ ද , ශ්‍රේෂ්ඨ ආජානීයයෙකු මෙන් වූ ද , ඕසධි තාරකාව මෙන් දිලිසෙන බබලන්නා වූ, නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දිටිමි.
(දැක) මම ශාස්තෲන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි. බුදුරජුන්ට පැසසීමි. ස්වකීය පුණ්‍ය කර්මයෙන් සතුටුවූයේ, පිරිසිදු වැලි ගෙන ඔඩොක්කුවෙහි ලා ගෙන ගොස් විපස්සී බුදුරජුන් වැඩිය මගෙහි දැමීමි.
ඉක්බිති පැහැදි සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දවල් කල වෙසෙන දිවා විහාරස්ථානයෙහි තාදී ගුණ ඇති තථාගතයන් වහන්සේට පූජාවක් ලෙස ඉසීමි.
මින් එක් එක් අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම්ද. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වැලි ඉසීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන ද කරන ලදී . මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුලිනපූජකත්ථෙරස්සාපදානං දුතියං.
(ඛුද්දකනිකායෙ-ථෙරාපදානය(පඨමො භාගො)
උම්මා පුප්ඵිය වග්ග)
ඉතින් අප ද ඉතාම පහන් සිතින් යුතුව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ උඩ මලුවේ වැලි ඇතිරීම සිදු කරන ලදී. උදේ කාලයේ සිට ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව සවස් වන තෙක්ම වර්ෂාවේ පවා මෙම අසිරිමත් පින්කම සිදුකිරීම හිතට අප්‍රමාණ ප්‍රීතියක් ගෙන දෙන කරුණකි. සෑම විටම අප බුදු ගුණ සිහිකරමින් ම ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව මේ අසිරිමත් පින්කම සිදු කළෙමු. මනාව වැලි ඇතිරීමේ පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ වැලි කියුබ් 22 සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් සඳහා මූල්‍යමය දායකත්වය දැරූ..
විරන්ත අයියා
අනුරුද්ධ ජයසේන මිතුරා
වින්ද්‍යා විතානගේ අක්කා ඇතුලු පවුලේ සැම
ප්‍රසන්න ලක්මාල් මිතුරා
රසිකා ගමගේ අක්කා
අමිල මෙන්ඩිස් අයියා
රවින්ද්‍ර ඉදුරුව මිතුරා
මිලින්ද සේපාල අයියා
ශාලිකා කුමාරසිංහ අක්කා
ක්‍රිශාන්ත ද සිල්වා අයියා
සිසිර කුමාර දේවගේ අයියා
දුමින්ද රත්නවර්ධන අයියා
සොනාලි කොලොන්න මිතුරිය
ලක්ශිත නවීන් මිතුරා
ජයශාන් උදයංග මිතුරා
නයනා ඉද්දවෙල අක්කා
දයා ප්‍රනාන්දු අක්කා
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද ,
එමෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද ,
විශේෂයෙන්ම මෙවැනි අසිරිමත් පින්කමක් සිදු කිරීමට අපට අවස්ථාව සලසා දෙමින් මෙම පින අවබෝධයෙන් සිදු කර ගැනීමට අපට අවවාද අනුශාසනා සිදුකර මෙයට මහඟු ලෙස උපකාර කළ අති පූජනීය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු නෙල්ලිගල පුදබිමේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලාට ද ,
ආහාර පාන සහ නවාතැන් පහසුකම් සලසා දුන් උපුල් මිතුරා, ගමන සදහාම ප්‍රවාහන පහසුකම් සලසා දුන් චමීර එදිරිසිංහ අයියා ඇතුලු පවුලේ සැමටද ,සමීර මිතුරා ඇතුලු සියලු දෙනාට ද පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.