හොරණ ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකිරීමට හැකි වූ අසිරිමත් පිණ්ඩපාත දානය ඔබ සැමත් දැක බලා අනුමෝදන් වෙත්වා !
අවස්තාව සලසා දුන් නුවන් අයියා ඇතුලු සියලු කල්‍යාණ මිත්‍රයන්ටද සියලු පින් ඒකාන්තයෙන්ම නිවන් පිණිසම හේතු වේවා !
පිණ්ඩපාත දානය පූජා කිරීමේ පුණ්‍ය විපාක.
─────────────•••─────────────
“ඒක පිණ්ඩපාත දායිකා” තෙරණින් වහන්සේ එක් භවයක දී පිණ්ඩපාත දානයක් පූජා කර තිබුණි.
අතීත භවයන් වල දී බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් නිවන් දකින්නට බොහෝ පින්කම් රැස්කර ගනිමින් ආ මෙම තෙරණින් වහන්සේ බන්ධුමතී නුවර උපත ලැබුවා ය. තරුණ වයසේ දී එහි සිටි බන්‍ධුමත් නම් රජුගේ බිරිඳ වූවා ය. හැම සම්පතක්ම විඳිමින් සිටිය දී මෙතුමිය දිනක් මෙසේ කල්පනා කළා ය.
” මම මැරෙන විට මොනවද රැගෙන යන්නේ ? මා කරගත් පින්කමක් ද නැත. මරණින් පසු මා බිහිසුණු , කටුක , දරුණු නිරයට වැටෙන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. ඒ නිසාම රජු ළඟට ගොස් දානයක් දෙන්නට අවසර ගන්න ඕනෑ.”
මෙසේ සිතා මෙතුමිය රජුව මුණගැසී දානයක් දෙන්නට එක භික්ෂුවක් ලබාදෙන්න කියා රජුගෙන් අවසර ඉල්ලීය. රජතුමා අවසර දුන්නේය. නැවත මාළිගාවට ආ මෙතුමිය ප්‍රණීත ආහාරපාන සුවඳ විලවුන් සමඟ වටිනා සළු පිළි ද මේ හැම පූජාවක් සමග මහා පිණ්ඩපාත දානයක් දුන්නේ ය. ඉන්පසු හැම මොහොතකදීම මෙතුමිය සිතුවේ එම මහා දානය ගැනයි. මරණින් පසු උපත ලැබුවේ තවුතිසා දෙවුලොවයි.
විටින් විට දෙවුලොව නැවත උපත ලබන විට දී දෙවිවරු තිහකට අග මෙහෙසිය විය. හැම තැනකදීම ඇය සිතන සිතන ප්‍රර්ථනා ඉෂ්ට විය.ඉන්පසු විවිධ අවස්ථාවල දී සක්විති රජවරු විස්සකට අග මෙහෙසිය වූවා ය.
මීට කල්ප අනූවකට පෙර දුන් ඒ මහා දානයේ ප්‍රතිඵල ලෙස දෙව්ලොව මිනිස් ලොව උපත ලැබූ මෙතුමිය අවසානයෙහි අප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි මිනිස් ලොව උපත ලබා තරුණ වයසේදී පැවිදි වූවාය.ටික දිනකින්ම විදර්ශනා වඩා රහත් වූ මෙම තෙරණින් වහන්සේ එක් දිනක් අතීත භවයන් බලමින් අතීතයේ කළ මේ මහා පින්කම ගැන දේශනා කළාය.
❃ ❃ ❃ (අපදාන කථා, ඒක පිණ්ඩපාත දායිකා ථෙරාපදානය) ❃ ❃ ❃
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.