සම්බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දීපව්‍යාප්තව වනාන්තර සිසාරා සැරිසරමින් ශ්‍රම පූජාවෙන් වනමල් එක්රස් කර රන්වැලි සෑ රජුන් උදෙසා සිදුකල අසිරිමත් වනමල් පූජා පින්කමට සමගාමීව විනයානූකූල සුගත චීවරයක් පඩු පොවා පුජා කරන ලදී.
පඬු පෙවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ ,
- මහෝගනී හෝ කොස් පොතු
- සැවැන්දරා, අරළු , බෝමී කොළ
- පඬු ඔරුව
- විනයානූකූලව මසන ලද චීවරය
පඬුපොවන ආකාරය
01. පළමුව මේ සඳහා (කොස් පොතු/මහෝගනී පොතු ) ඉතාමත් සිහින් ලෙස කොටා එම කොටාගත් මහෝගනී බොහෝ වෙලාවක් තම්බා ගැනීම සිදු කළ යුතුවේ.
02. ඉන්පසු චීවරය මනාව ඔතා පඬු ඔරුවේ තැන්පත් කළ යුතුවේ.
03. ඉන්පසු තම්බාගත් මහෝගනී දියර පෙරහන්කඩයකින් පෙරමින් මනාව චීවරය මතට දමන අතර ඒ කාලයේදීම චීවරය රෝල් කරමින් පඬු ඔරුවේ ඉදිරියට ගෙන ආ යුතුය.
04. එලෙසම අනෙක් පස ද පඬු තවරමින් රෝල් කරමින් මනාව පඬු ගැසීම සිදුකළ යුතුවේ.
05. ඉන්පසු එම චීවරය හොඳින් අව්වේ වේලා ගත යුතුවේ.
06. චීවරය වේලා නිම වූ පසු නැවත ඉහත පරිදි 3 වතාවක් හෝ 4 වතාවක් හෝ පඬු ගැසිය යුතුවේ.
මෙම පඬු ගැසීමේදී අප පඬු ඔරුව වෙනුවට භාජනයක් තුළ පඬු සකස් කර චීවරයට පඬු පෙවීම පත්තක් ආධාරයෙන් සිදුකරන ලදී.
පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා කෘමි උවදුරු වලින් තොරව ඉතා සුවපහසු ලෙස නිවන් මග වඩමින් බොහෝ කාලයක් පරිශීලනය කිරීමට මෙම විනයානුකූලව අතීතයේ චාරිත්‍රානුකූලවම පඬු පොවන ලද චීවරයන් උපකාරී වනු නිසැකය.
මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ….
මොරවක සුමන ස්වාමීන් වහන්සේ, වැලිපතයායේ මහින්ද ස්වාමීන් වහන්සේටද මෙම සුගත චීවරය පඩු පෙවීමට මූලිකත්වය ගත් නුවන් තෙන්නකෝන් අයියාටද , සමින්ද අයියා, කිත්සිරි අයියා, ගමගේ, පැතුම් ඉශාර , විරාජ් මෙන්ම දෙවැනි දවසේ උපකාර කල විශේශයෙන් ශමිල ,ශශික ඇතුළු පවුලේ සැම , නිලංග , රසික තුලු සියලු දෙනාට ද පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.