ජීවිතයේ කිසිදිනක අමතක නොවන පින්කමක් ලෙස ඉහල හෙවෙස්ස කඹරගල ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ සිදුකළ අසිරිමත් පින්කම් මාලාව හැඳින්විය හැක. ජීවිත පූජාවෙන් ඉතා කැපවීමකින් යුතුව කූඩැල්ලන් බහුල වන සතුන් ගහන ඝන කැලෑවක භාග්‍යවතුන් වහන්සේගේ ළය මඩලෙන් උපන් ඒ උතුම් ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ ශ්‍රාවක සංඝරත්නය අරමුණු කරගනිමින් උන්වහන්සේලාගේ නිවන් මාර්ගය පරිපූර්ණ ලෙසම වැඩීම සඳහා අවශ්‍ය කරන්නා වූ කුටි, දාන ශාලා , පොකුණු, බුද්ධ මන්දිර පිරිසිදු කරමින්, ඒවායේ බැඳී තිබූ පාසි කුණු රොඩු ඉවත් කරමින් ඒවායේ තීන්ත ආලේප කර එම කුටි සංඝයා වහන්සේලාගේ පරිහරණය සඳහා නැවතත් ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී අප සිදු කළෙමු. එමෙන්ම මෙම කුටිවලට වැටී ඇති මාර්ගය මනා ලෙස ශුද්ධ පවිත්‍ර කරමින් සුවසේ උන්වහන්සේලාගේ කුටි වලට ගමන් කළ හැකි පරිදි සකස් කරන ලදී. වීදිය බණ්ඩාර කුමරු සමයේ මේ පුණ්‍ය භූමිය පැවතියේ යම්සේද , ඒ ශ්‍රී විභූතිය නැවත වතාවක් මේ භූමියේ ඇති කරනු වස් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල විසින් ලේ, දහඩිය හෙළමින්, මේ වෙහෙසෙන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමය.
කුටි පිළිසකර කිරීමෙන් රැස් කර ගත්තා වූ අපිරිමිත සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සම්බන්ධීකරණය කරදුන් ධම්මික ඇතුළු සියලු පිරිසට මෙන්ම අප්‍රමාණ කැපවීමෙන් මෙය සාර්ථක කර ගැනීමට කාය පූජාවෙන් පින්කමට සම්බන්ධ වූ සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද , පූජ්‍යපාද කුරුණෑගල සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද , ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
✥ කුටි පූජාවේ ආනිශංස
───────•••───────
❂ නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.
(නළකුටි දායක ථෙරාපදානය https://pitaka.lk/main?n=47179)
❂ නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දාහ. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.
(නළාගාරික ථෙරාපදානය https://pitaka.lk/main?n=46445) ❀
❂ තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,
✪ තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.
✪ උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.
✪ බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.
✪ සිංහ, ව්යාඝ්ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.
✪ සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.
(තිණකුටිදායක ථෙරාපදානය https://pitaka.lk/main?n=46437) අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා.
❂ ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැයි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
(කිංදද සූත්‍රය ❀ https://pitaka.lk/main?n=211050)
තෙරුවන් සරණයි !
සාදු !සාදු ! සාදු !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.